EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
My Octopus Teacher (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:James Reed, Philippa Ehrlich
My Octopus Teacher (2020) | ජීවිතය කියාදුන් ගුරුවරිය..
IMDB Ratings 8.1 ක් වගේ උඩම අගයක් ගත්ත, 2021 දි Best Documentary Feature එකට ඔස්කා සම්මාන ලබපු සහ තවත් සම්මාන රැසක් ගත්ත සහ නිර්දේශ වුණ Netflix ඩොකියුමන්ටරි එකක් තමයි මේ. මේකෙ කොලිටිය ගැන මම හිතන්නෙ ඊට වඩා දේවල් විස්තර කරන්න උවමනා නෑ. මේ නිර්මාණය ගැන බොහොම කෙටි විස්තරයක් කළොත්, මේක ඩොකියුමන්ටරි එකකට වඩා චිත්‍රපටයක් වගේ, කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. කතාව ගලාගෙන යන්නෙ සත්‍ය අත්දැකීම් පදනම් කරගෙන. මේකෙ කතා නායිකාව ගැහැණු බූවල්ලෙක්. එයාගෙ ජීවිතය වටේට තමයි කතාව ගොඩ නැඟෙන්නෙ. ඊට වඩා දෙයක් කියන්න ඕන නෑ. බලලම රස විඳින්න.
සොබාදහමට ආදරේ කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් මේක බලන්න ඕන. පොඩි දරුවන්ට වුණත් හරි ආසාවෙන් බලන්න පුළුවන්, ලස්සන රූපරාමු ගොඩකින් මේ ඩොකියුමන්ටරි එක පිරිලා තියෙනවා. ඒ එක්කම කියන්න ඕන, බොහොම වැඩ අධික කාලයක තමයි මේකෙ අවසන් උපසිරැසි ටික කරන්න වුණේ. ඉතින්, සුළු අතපසුවීම් තිබුණොත් ඒ ගැන සමාව අයදිනවා. තවත් උපසිරැසියක් එක්ක මුණගැහෙමු. ඔබට ජය!





