EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThrough My Window (2022) | මායාකාරිය සහ ඒරිස්
ඒරිස් : මට පාපොච්චාරනයක් කරන්න තියෙනවා
රේචල් : මේ දැන්?
ඒරිස් : මම ඔයාගේ වයිෆයි එක හැක් කරේ හිතලමයි ඔයා එක්ක කතා කරන්නමයි
රේචල් : මොකක්ද??
[රේචල්] එයා මට කිව්වේ එහෙමයි. එයා මට ඇත්ත කියන තෑග්ග දුන්නා. ඊට පස්සේ අපි සිප ගත්තා, එයා ගියා
අද ගෙනාව උපසිරැසිය දිහාවට හැරුනොත් ඉතිං මේක ආදර කතාවක්. ඒ වගේම ස්පැනිශ් එකක්. මං බලපු බටහිර, ඒ වගේම කාලානුරූප පට්ටම ආදර කතාව තමයි මේ. ඒ කියන්නෙ මෙක මාරම විදිහට සැබෑ ලෝකේ දෙයක් වගේ. වෙන්න බැරි මාර රොමැන්ටික් ආදරයකට වඩා සැබෑ ලෝකේ වෙන්න පුලුවන් (බොහෝ විට සත්‍ය සිදුවීමක් ඇසුරෙන් හදපු එකක් වෙන්නත් පුලුවන්) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය හදලා තියෙන්නේ මේ නමින්ම ලියපු නවකතාවක් ආශ්‍රයෙන්. ආ අනික තමා මේක ඉතිං අම්මෝ 18+ එකක් ඈ. මාර සිද්දි ගොඩක් තියෙනවා කට ඇරන් බලන් ඉන්න පුලුවන් ඒවා. අනික කෙල්ලත් මාරම ලස්සනයි. එක පවුලක් ඉන්නවා එයාලා ලොකුම ව්‍යාපාරික පවුලක්. එයාලා තමන්ගේ ලිංගික සම්බන්ධතා පවා ව්‍යාපාරයට ඕනේ විදිහටයි පවත්වන්නේ. බිරිඳ කියලා ඉන්නේ නමට විතරයි, ලිංගිකත්වය කියන දේ නිකන්ම දෙයක් වෙලා එයාලට. ඒ වගේ වෙලාවක තමා ැඑ පවුලේ මද්දුමයට හිතෙන්නේ ලඟ ගෙදරක ඉන්න කෙල්ලෙක් ගැන. හැබැයි කතාව පටන් ගන්නේ වෙනස් විදිහකට. බලාගෙන යන්නකෝ, ඔයාලටම තේරේවි කතාව. තව වදගත් දෙයක් තියෙයි, ඒ රටවල අම්මා, තාත්තා, පුතා, දුව මාර විදිහට එකිනෙකා ඉස්සරහා විවුර්තව කතා කරනවා. ඒක මං දැක්ක හොඳම දෙයක්.









