EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Nitham Oru Vaanam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ගොඩක් අය බලාපොරොත්තු හිටපු චිත්‍රපටයක උපසිරැසි අරන් තමා අද අරන් ආවේ..

මෑතකදී රීලිස් වෙච්ච Ashok Selvan සහ Ritu Varma රංගනයෙක් දායක වන Nitham Oru Vaanam චිත්‍රපට Romance සහ Drama ගණයට අයිති වෙනවා. IMDb Ratings ද 7.3/10 රදවා තබා ගන්න සමත් වෙලා තියෙනවා. ගොඩක් දෙනා මේ චිත්‍රපටය ගැන පොසිටිව් රීවිව්ස් දීලා තිබ්බා..ඉතින් කතාව පැත්තට හැරිලා බැලුවොත්…

අර්ජුන් (Ashok Selvan) කියන්නේ සමාජශීලී අයෙක් නම් නෙවේ. හැබැයි මෙයා එතරම් දැඩි කෙනෙකුත් නෙවේ.
අර්ජුන්ගේ ආසම විනෝදාංශය තමා පොත් කියවන එක, ඒත් මෙයා පොත් කියවන්නේ අමුතු විදිහකට, ඒ කීවේ කියවන පොතේ ප්‍රධාන චරිතය මෙයා කියලා මවාගන්නවා..

ඉතින් මේ අර්ජුන්ට එක විවාහ යෝජනාවක් එනවා, ඒ ගෑණු ලමයෙක් කැමැති උන නිසා ගෙවල් දෙකෙන්ම විවාහට දින යෝජනා කර ගන්නවා..ඒත් අන්තිමේ ගැහැණු ළමයගේ පරන පෙම්වතාව අමතක කරන්න බෑ කියලා විවාහය එතනින් කඩා කප්පල් වෙනවා..මේ නිසා අර්ජුන් මානසිකව ගොඩක් පීඩා විදිනවා, මේ නිසා අර්ජුන් වෛද්‍යවරයක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා…

හැබැයි මේ ඩොක්ට අර්ජුන්ට එයා විසින් ලියපු කෙටි කතා පොත් දෙකක් දෙනවා, කලින් කියපු විදිහටම අර්ජුන් එහි එන ප්‍රධාන චරිත එයා කියලා හිතාන තමා කියවන්නේ…කතා දෙක කියවන් යද්දී අන්තිම පිටු ටික පොතෙන් ඉරිලා ගිහින්.. අර්ජුන්ට මහත් කුතුහලයක් ගෙන දෙනවා මේක, ඉතින් මේ ගැන කතාව ලියපු ඩොක්ටගෙන් අහපුවහම එයා කියනවා මේ කතා දෙකම සත්‍ය කතා දෙකක් එයාලට උන දේ දැන ගන්න නම් ඔයාට එයාලා හොයාගෙන යන්න වෙනවා කියලා..

ඉතින් අර්ජුන් එයාලව හොයන් යන්න තීරණය කරනවා, ඉතින් ඔයාලට මේ අර්ජුන් කියවපු කතා දෙක මොනවද ? එහි අවසානය මොකක්ද ? කියලා දැනගන්න නම් මේ චිත්‍රපටය නරබන්නම වෙනවා.. වර්තමානයට ගැලපෙන කතාවක් සහ ලස්සන කතාවක්, ඉතින් ඔයාලත් බලන්න..මෙහි තිබෙන ගීතද උපසිරැසි ගන්වලා තියෙන්නේ…එහෙනම් නැවත උපසිරැසියකින් හමු වෙන තුරු සමුගන්නවා…

Comments