EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Gatham (2020) | “අතීත අභිරහස් හෙලිදරව්ව”

Amazon Prime Video හරහා නිකුත් වුනු Action | Thriller කාණ්ඩයේ චිත්‍රපටයක් තමයි මේ Gatham ( අතීතය ) කියල කියන්නෙ.Kiran Reddy ගේ අධ්‍යක්ශණයක් වන මෙහි රංගනයෙන් දායක වෙන ප්‍රධාන නලු නිලියො ටික තමයි මේ.
• Bhargava Poludasu
• Rakesh Galebhe
• Poojitha Kuraparthi

ඇමරිකානු ඩොලර් 200 000 ක ඇස්තමේන්තුගත වියදමක් දරමින් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ.චිත්‍රපටියේ සම්පූර්ණ ධාවන කාලය පැය 1 යි විනාඩි 41 ක් පමණ වෙනවා.

ඉතින් ලෝ බජට් එකක , සාමාන්‍ය අඩු ධාවන කාලයක් සහිතව හා ප්‍රසිද්ධ නලු නිලියන් නොමැති චිත්‍රපටියක් නිසා ගොඩ දෙනෙක්ගෙ අවදානය යොමු නොවෙන්න පුළුවන්.ඒත් මටනම් මේකේ කතාව හිතට ඇල්ලුවා.ඉතින් මේකට ඔයාලගෙ අවදානයත් යොමු කරනවනම් හොඳයි.

හරි කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.රිශී කියල තරුණයෙක් රෝහලක ඉන්නව.මෙයාව අනතුරක් වෙලා දවස් දෙකකට කලින් ඇතුල් කරල තියෙන්නෙ.හැබැයි මෙයාට අතීතයේ මොකුත් මතක නෑ.ඉතින් මෙයාගෙ පෙම්වතිය ආදිති තමා මෙයාගෙ ටිකට් කපල ගෙදර අරගෙන යන්නෙ.ඒත් මෙයාට මොකුත් මතක නැති හින්දා එයාගෙන් අහල තමන්ගෙ පවුලේ අය ගැන දැනගන්නව.අම්ම නෑ තාත්තා දුරක ඉන්නව කියල එයා කියනව.ඉතින් දෙන්න එක්ක තාත්තව මුණ ගැහෙන්න යනකොට කාර් එක මග හිටිනව.ඔය වෙලේ එතනදි ටිකක් අමුතු පුද්ගලයෙක් එයාලට හම්බ වෙනව.

ඔන්න ඔතනින් තමා හැමදේම පටන් ගන්නෙ.ඉතින් කව්ද මේ මනුස්සය..? මෙතනින් එහාට මොනව වෙයිද ..? කියන වග දැනගන්න ඔයාලට බාරයි.

එහෙනම් ඉතින් හැමදාමවගේ ඉල්ලන්න තියෙන්නෙ දිගටම අපේ සිනෙරූ උපසිරැසි අඩවිය එක්ක රැදෙන්න කියල.චිත්‍රපටය මොකවුනත් පුළුවන් ඉක්මනින් සිංහල උපසිරැසිය ආදරණීය ඔයාල වෙත ලගා කිරීමේ වගකීම අපි ඉටු කරනව වගේම සාමාන්‍යයෙන් තරමක් පසුගාමීව පවතින කොරියානු , චයිනිස් භාශා චිත්‍රපට හා ඩ්‍රාම වලට පවා වැඩියෙන් උපසිරැසි දීල ඉස්සරහට අරගෙන එන්න සිනෙරූ අපි සමත් වෙලා තියෙනව.

පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න බැරිනම් ඒත් දාන්න .තවත් අපූරු උපසිරැසියක් අරගෙන මම එන්නම් ඉක්මනින් ඔයාලව හම්බවෙන්න.පුළුවන් තරම් පරිස්සම් වෙලා මේ කාලේ ගත කරන්න.සිනමාව අස්වැසිල්ලක් කරගන්න.

         ” ගොඩක් මහන්සි පාටයි…
            විවේක ගන්න….
            පස්සෙ කතා කරමු… “

Comments