EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePhone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ඔන්න එහෙනම් හාහා පුරා කියලා කට්ටියව හිනස්සලා තමයි මේ අවුරුද්ද පටන් ගන්න යන්නේ… ඒකට අරන් ආවේ හොදට හිනා වේවි බලන්න පුලුවන් හොල්මන් චිත්‍රපටියක්.. වෙනදාට හොල්මන් දැක්කාම බය වෙනවා නේ. මේකේ බය වෙන්න වගේම අනික් පැත්තට හිනාවෙන්නත් පුලුවන්…
Gurmmeet Singh අධ්‍යක්ෂණය කරපු Ishaan Khatter,Siddhant Chaturvedi හා Katrina Kaif රංඟනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය තිරගත විම ආරම්භ කලේ නොවැම්බර් 4 වැනිදා.. චිත්‍රපටිය හිතපු තරම් නම් සාර්ථක වෙන්න බැරි උනා. හැබැයි ඒකට චිත්‍රපටියේ නම් ලොකු අවුලක් තිබුනෙත් නැහැ.. ඔයාලාත් අරන් බලන්නකෝ …
කතාව ගැන කිව්වොත් ගුල්ලු හා මේජර් කියන්නේ රස්සාවක් නොකර නිකම්ම ඉන්න දෙන්නෙක්.. මේ දෙන්නා නිකම් කාකා බිබි ඉන්න නිසා තාත්තලාගෙන් හැමදාම දොස්මුරේ.. හැබැයි මේ දෙන්නාට පොඩි වරමක් තියනවා. ඒ තමයි හොල්මන් පේන එක. මේ අය කැමැතිත් හොල්මන් ටයිප් වැඩ වලටම තමයි.. දවසක් මේ අය අමාවක දවසක රාත්‍රියක පොඩි ඉවෙන්ට් එකක් ඕගනයිස් කරනවා හොරර් ටයිප් එකේ.. කට්ටියට හොරර් ඇදුම් ඇදගෙන ඇවිල්ලා කාලා බිලා විනෝද වෙන්න එහෙම. නමුත් මේ පාටියට හිතපු තරම් සාර්ථක වෙන්නේ නැහැ. මේකට කිසිම කෙනෙක් ටිකට් අරන් එන්නේ නැහැ. හැබැයි ටික වෙලාවක් යද්දි මෙතැනට එක අමුත්තියක් එනවා.. ඒ තමයි රාඟිනි.. මෙයා මේ දෙන්නාගේ ජිවිතේට ආවාට පස්සේ තමයි සේරම කනපිට හැරෙන්නේ…
මේ චිත්‍රපටිය බලද්දි ඔයා හින්දි දෙමළ චිත්‍රපටි රසිකයෙක් නම් ඒ චිත්‍රපටි නරඔලා තියනවා නම් තවත් හොදට විනෝදෙන් බලන්න පුලුවන්.. මොකද චිත්‍රපටි වල කැලි වලට පොඩි පොඩි විහිළු අල්ලගෙන කරලා තියන නිසා.. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා ඔබට සුභ නව වසරක් කියාගෙනම…






