EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Puss in Boots: The Last Wish (2022) | අවසන් පැතුම

වැඩි විස්තර ඕන නෑනෙ කවුරුත් puss in boots ව දන්නවනෙ අනිවාරෙන් shrek ෆිල්ම් සෙට් එක බලපු කෙනෙක් දන්නවා මූ දීපු ආතල් 😂ඉතින් අවුරුදු ගාණකට පස්සෙ අපිට dream works විසින් Puss in Boots ෆිල්ම් එකක් බලාගන්න ලැබුනා.

DreamWorks Animation විසින් නිෂ්පාදනය කරපු Universal Pictures විසින් බෙදාහැරපු මේ ෆිල්ම් එක Puss in Boots (2011) එකෙන් පස්සෙයි අපට බලාගන්න ලැබුනෙ. මේ චිත්‍රපටිය Joel Crawford විසින් අධ්‍යක්ෂණය කරා. puss in Boots එකේ දෙවෙනි ෆිල්ම් එකකට සැලසුම් 2012 නොවැම්බර් මාසෙදි පටන් ගන්න හිතන් හිටියත් පස්සෙ ඒක 2014 අප්‍රේල් මාසයේදී පටන් ගත්තා.

චිත්‍රපටියේ නම Puss in Boots 2: Nine Lives & 40 Thieves විදිහට 2014 ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරා.. සංවර්ධන ගැටලු වල හිරවුනාට පස්සෙ, Illumination නිර්මාතෘ වගේම ප්‍රධාන විධායක නිලධාරී Chris Meledandri විධායක නිෂ්පාදකයෙකු විදිහට 2018 නොවැම්බර් මාසයේදී ආයෙත් තහවුරු කරා..පළවෙනි චිත්‍රපටයේ කතා ප්‍රධානියා වගේම Sony Pictures Animation එකේ Spider-Man: Into the Spider-Verse (2018) හි අධ්‍යක්ෂවරු තුන්දෙනාගෙන් එක් කෙනෙක් 2019 පෙබරවාරි මාසයේදී. Crawford පස්සෙ 2021 මාර්තු මාසයේදී අලුත් අධ්‍යක්ෂකවරයා විදිහට ප්‍රකාශයට පත් කරන කරා…ඒකයි මේකෙ ඇනිමේෂන් ටිකක් spider mand into spiderverse එකේ වගේ තියෙන්නෙ..

හරි වැඩි කතා ඕන නෑ අපි පොඩි සාරාංෂයක් බලමු..😇♥

බූට් පූස් එයාගෙ සුපුරුදු වික්‍රාමාන්විත ජීවිතේ නම් අතෑරලා නෑ. පාටියෙන් පාටියට නගරෙන් නගරෙට වික්‍රමාන්විත. ඉතින් දවසක් ඩෙල් මාර් ගමේ පාටියකදි ඇහැරුනු යෝධයෙක්ව මෙල්ල කරන්න ගිහින් මෙයාට අනතුරක් වෙනවා.ඩොක්ටර් කියනවා මෙයාගෙ පණ 9 යෙන් පණ 8 ක් ගිහින් කියලා.. ඒවගේම මෙයාට විශ්‍රාම ගන්න කියලා..ඔය අතරෙ මෙයාගෙ හතුරෙක් මෙයාව හොයාගෙන එනවා පූස්ට කවදාවත් නැති බයක් දැනෙන්න ගන්නවා.ඉතින් මෙයා පැනලා යනවා. මෙයාට ආරංචි වෙනවා ප්‍රාර්ථනා තරුවක් ගැන.. ඉතින් මෙයා ජීවිත වෙනුවෙන් තාරකාව හොයාගෙන යනවා..පූස් ට ඒක හොයාගන්න පුළුවන් වෙයිද?
බලමු කතාවෙන්ම..

ඉතින් අරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා..

Comments

January 11, 2023

Meke kalin ewa?

January 15, 2023

ane ayye sisyphus the myth dennako