EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
1408 (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast Page1408 (2007) | කාමරය
1999 දී Stephen King විසින් රචනය කරන ලද කෙටි කතාවක් වන ‘1408’ පාදක කරගෙන 2007දී Mikael Hafsttrom විසින් එම නමින්ම නිපදවපු මේ සුපිරි චිත්‍රපටය තමයි මගෙ තෙවන උපසිරසිය විදියට මම තෝරගත්තේ. වගකීමෙන් කියන්නෙ මේක ආපු කාලෙම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් . මේක තෝරගන්න හේතුව උනේ fb යාලුවෙක්ගෙ ඉල්ලීමක්. එතකොටයි දැක්කෙ මේකට සබ් කොහෙවත් නෑ කියල .විනාඩි 104ක් ලෙස ධාවන කාලය දක්වා තිබුණත් Unrated copy එක විනාඩි 112ක් තියනවා .සබ් එක දීලා තියෙන්නේ ඒකට.පොඩි හින්ට් එකක් දෙන්නං, yts.ag yify site එකේ බලන්න , තේරුනානෙ.
මේ සළරුව Phychological horror, thriller කියන ඛාණ්ඩ වලට තමයි ඇතුල් කරලා තියෙන්නේ . මෙහි ප්‍රධාන චරිතය වන මයිකල් එන්ස්ලින්ට 2012, Shanghai ,Cell වගේ ඉතා ප්‍රසිද්ධියට පත් චිත්‍රපට වල ප්‍රධාන චරිතය රඟපෑ John Cusack පණ පොවනවා . තව Samuel L. Jackson ඉන්නවා . එයා ගැන බයිස්කෝප් රසිකයන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. IMDb 6.8ක අගයක් ලබා තියන මෙය ඇ.ඩො. මිලියන 25ක වියදමකින් නිපදවා ඇති අතර ආදායම ලෙස ඇ.ඩො.මිලියන 132ක් ලබා බොක්ස් ඔෆිස් වාර්තා අතරට එකතුවෙලා තියනවා . 2007 ජූනි 22 දින Dimension films හා Metro Goldwyn Mayer සමාගම් හරහා තිරගත වෙලා තියනවා .
කතාව පැත්තට හැරුනොත් මයිකල් එන්ස්ලින් කියන්නෙ හොල්මන් කතා ලියන ලේකඛයෙක් ,එයාගෙ දුව පිළිකාවක් නිසා නැතිවෙලා . ඉතිං එයා බිරිඳගෙනුත් ඈත්වෙලා තනියම ඉන්නෙ . මෙයා කතා ලිව්වට කිසිම හොල්මනක් විශ්වාස කරන්නෑ. හොල්මන් තියනවා කියන තැන්වල නතරවෙලා ඉඳලා තමයි එයා කතා වලට අවශ්‍ය කරුණු හොයාගන්නෙ .දවසක් එයාට දැනගන්න ලැබෙනවා නිව් යෝක් නගරෙ ඩොල්ෆින් හෝටලේ කාමරේක හොල්මන් තියනවා කියල කතාවක් . ඉතිං එයා එහෙට යනවා. හැමදේම පටන් ගන්නෙ එතනින් . මීටවඩා කිව්වත් කතාවෙ රසයනං අඩුවෙන්නෙ නෑ . බලන්නකො.





