CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4464 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Hacker’s Game (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hacker’s Game (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 06, 2015France90 Min.
Your rating: 0
6.7 3 votes
Hacker’s Game (2015) | නිදහස් හැකර්වරු

මම තිවංග සදරුවන් (MRT97). අද අරගෙන ආවේ තාක්ෂණික පැත්තට කැමති අයට බලන්න හිතෙන චිත්‍රපටියක්. ගොඩක් දුරට හැකින්ග් ගැන කියවෙන චිත්‍රපටියක් කියලා නම දැකපු ගමන්ම පේනවනෙ. ඉතින් මේ චිත්‍රපටිය 2015 දී තිරගත උන ගොඩක් ජනප්‍රිය එකක්. මේක අනිත් අයට මගහැරුනෙ කොහොමද කියන එක නම් මටත් හිතාගන්න බෑ. හරි මේ චිත්‍රපටිය තමයි මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. පළවෙනි එක (The Color of Magic පළමු කොටස) බැලුවෙ නැත්තම් ඔයාලට බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි සබ් ෆිල්ම් එකක් ගත්තම බලන්නෙ සබ් එක ගන්නනෙ. ඒත් සබ් එක නෑ කියලා දැනගත්තම කවදා හරි සබ් එක එනකම් ඉන්නවා. ඒත් පොඩ්ඩක් මහන්සි වෙලා සබ් එකක් කලාම දැනෙන හැගීම කියලා වැඩක් නෑ. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.

මේකෙ ඉන්නවා Hackerලා දෙන්නෙක්. එක්කෙනෙක් Angela King කියන නමින් හදුන්වන Anonymous කෙනෙක්. අනිත් කෙනා සෝයන්. ඒ වගේම මේකට Angela King කියන කෙනා හදපු Hacking Group එකකුත් සම්බන්ධ වෙනවා. ඒකට කියන්නෙ “Independent Leak” hacker කණ්ඩායම කියලා. මේ කණ්ඩායම BL කියන සමාගමේ දත්ත ගබඩාවක් හැක් කරලා තියනවා. ඊට ටික කාලෙකට පස්සෙ මේ හැකර් කණ්ඩායමට විරුද්ධව BL සමාගමින් වැඩට ගන්න කෙනා තමයි Soyan කියන්නෙ. එයත් සුපිරිම හැකර් කෙනෙක්. ඒ වගේම Soyan යාළුවෙන කෙල්ල තමයි Loiseකියන්නෙ. මේ කෙල්ල නම් හැකින් වලට එච්චරම සම්බන්ධ වෙන්නෙ නෑ. ඒත් ටික කාලෙකින් දැනගන්නවා Angela King මැරිලා කියලා. හැක් කරපු දත්තත් කොහෙද කියලා හොයාගන්න බැරි වෙනවා.

කවුද මේ Angela King කියන්නෙ? ඇයි මේ මැරෙන කෙනාගෙ සිරුරක් නැත්තෙ? කවුද Angela ව මරන්නෙ? Soyan සහ Angela අතර තියන සම්බන්ධය මොකක්ද? Soyanට මොකද වෙන්නෙ? මේ වගේ ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා හැමෝටම චිත්‍රපටිය බලන මුල් ටිකේ ඉදන්ම. ඒත් ඉතින් ඒක වෙන්නෙ කොහොමද කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

ඒ වගේම මේ චිත්‍රපටියේ Loise ලෙස Pom Lementieffද, Soyan ලෙස Chris Schellengerද රංගනයෙන් දායක වෙනවා. කම්මැලිකමක් පාළුවක් නැතිව බලන්න පුළුවන් චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්.

මේක දෙවෙනි උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි අඩුපාඩු, වැරදි ඇති. ඒවා පෙන්නලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. දන්න විදිහට, පුළුවන් විදිහට තමයි මේක කලේ. ආපහු තවත් එකක් අරගෙන එනකම් හැමෝටම Happy Hacking කියලා යන්නම්.

පරිගණක හදලා තියෙන්නෙ Internet යන්න නෙවෙයි. අන්න ඒකයි පරිගණක හැක් කරන්න මෙච්චර ලේසි වෙන්නෙ.

– Soyan –

Hacker’s Game (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තිවංග සදරුවන් (MRT97) (Baiscopelk)
IMDb 3.6 /10 570 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cyril Morin
Director

Cast

Similar titles

In the Heart of the Sea (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Deer Hunter (1978) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trapped (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prem Ratan Dhan Payo (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amar Prem Ki Prem Kahani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Urvasi (2022) Sinhala Subtitles | “අසම්මත ආදරය” | සිංහල උපසිරැසි සමඟ (18+)
Hopeless (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vettaikaaran (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Change-Up (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Makal (2022) Sinhala Subtitles | “විශේෂ කෙනෙක්” | සිංහල උපසිරැසි සමඟ
Red Dot (2021) Sinhala Subtitles | Watch Online
Conquer: Lahad Datu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published