EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Laththi (2022) | “පොලිස් බැට්න් පොල්ල “

2022 වසරේ දෙසැම්බර් මස 22 දා ලොව පුරා සිනමාශාලා ප්‍රදර්ශණය ඇරඹූ මෙම දමිළ චිත්‍රපටය නමින් Laththi . ඉතිං දෙමලෙන් ලත්ති කියන්නේ ඔය පොලීසියේ අය ගාව තියෙන්නේ පොල්ලක් අපි කියන්නේ බැට්න් පොල්ල කියලා , අන්න ඒකට තමා මේ ලත්ති කියන්නේ.

කොහොම නමුත් මේ වන විට IMDb මීටරය තුල 8.2/10 ඉහල අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටය ගූගල් පරිශීලක මනාප තුලත් 93% ක අගයක් ලබාගෙන ඇති අතර Times of India හි 2/5 ක අගයක් ලබාගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. A. Vinoth Kumar මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු Ramana, Nandha Durairaj, Nandha යන අය විසින් කර ඇති අතර මෙහි සංගීත අධ්‍යක්ෂණය Yuvan Shankar Raja මහතා විසින් සිදු කර ඇත.

දක්ෂ දමිළ නලු Vishal ප්‍රධාන නලුවා ලෙසද දක්ෂ දමිළ නිළි Sunaina ප්‍රධාන නිළිය ලෙසද රඟනයෙන් එකතු වෙන මෙම චිත්‍රපටය විනාඩි 144 ක් පුරාවට ඉතාමත් කුතුහලයෙන් යුතුව රසවත්ව නැරඹිය හැකි දමිළ චිත්‍රපටයක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුලුවන්.

කතාව ගැන චුට්ටක් දැනගමු.

මේ කතාව ආදරය , කුතුහලය , ක්‍රියාදාම පිරුණු ලස්සන කතාවක් , ඉතින් මේකට ලත්ති කියන්නෙම එක හේතුවක් නිසා , මේකෙදි අපේ කතා නායකයා එක පොලිස් කොස්තාපල් කෙනෙක් ඉතින් මෙයා යන හැමතැනකම බැට්න් පොල්ල අරගෙන තමා යන්නේ, මෙයා ඉන්න පොලීසියේ බැට්න් පොල්ලෙන් පහර දෙන්න මෙයා තරම් හපනෙක් නෑ කොටින්ම කියනවා නම් බැට්න් පොල්ලට මෙයා රෙජෙක්. ඉතින් මේ බැට්න් පොල්ල නිසාම මෙයා ලොකු ප්‍රශ්නෙක වැටෙනවා , කොහොම හරි ඒ ප්‍රශ්නෙත් මෙයා විසඳගන්නේ මෙයාගෙ බුද්ධිය සහ මේ බැට්න් පොල්ල පාවිච්චි කරලා තමා.

හරි එහෙනම් ඔය කිව්වා ඇති , නොබලපු අය මේක අරගෙනම බලන්නකෝ

Comments