EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageJab We Met (2007)| අප හමුවුණු තැන…..
ආදිත්‍ය කියන්නේ ඉතා ධනවත් පවුලක තරුණයෙක්, ව්‍යාපාරික තරුණයෙක්. මේ කතාව පටන් ගන්නේ පියා මිය ගියාට පස්සේ. ආදිත්‍යගේ මව විසින් ව්‍යාපාර වල තමන්ගේ අයිතිය ඉල්ලා නඩු මගට බහින්න හදන අවස්ථාවෙන් ආ.. තව දෙයක් මෙයාගේ අම්මයි තාත්තයි වෙන් වෙලයි හිටියේ හොඳේ, කොහොමෙන් කොහොම හරි ව්‍යාපාරයත් පාඩු ලබනවා මේ අස්සේ තමන් ආදරය කළ පෙම්වතියත් වෙන කෙනෙක්ව විවාහ කරගන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී කෙනෙක් කොතරම් මානසික වශයෙන් වැටෙනවද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. මේ ප්‍රශ්ණ වලින් ඔළුව අවුල් වුණ ආදිත්‍ය ඔළුව හැරුණ අතේ යනවා මෙහෙම යන ගමන් එයා ගොඩවෙනවා දුම්රියකට මානසික කැළඹීම කොතරම්ද කියනව නම් මේ දුම්රිය යන්නේ කොහාටද කියලවත් මෙයා දන්නේ නෑ තව ටිකට් එකක්වත් මෙයා අරගෙන නෑ.
ඉතින් දුම්රියේදී මෙයාට මුණගැසෙනවා “ගීත්” නම් දඟකාර තරුණිය දැන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්නේ. ඉස්සරහට මොනවා වෙයිද ? ගීත්ට ආදිත්‍යගේ හිත හදන්න හැකි වෙයිද ? ඒ ටික ඉතින් ඔයාලම බලන්නකෝ. ෆිල්ම් එකේ සරල බවක් තමයි මමනම් දැක්කේ නමුත් ඒ සරල බවත් එක්ක කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න කොයිවිදියට බලපෑමක් කරන්න පුළුවන්ද කියලත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. තව දෙයක් මේ විදියටම ගහපු ලංකාවේ ෆිල්ම් එකකකුත් තියනවා කියලා දැනගන්න ලැබුණා හැබැයි මම නම් ඒක දන්නේ නෑ.


