EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Mujhse Dosti Karoge! (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kunal Kohli, Neil Nitin Mukesh, Trishul Nichlani
Cast
Go Full Cast PageMujhse Dosti Karoge! (2002) | යාළුකමක්ද ආදරයක්ද?
පූජයි රාජුයි ටීනයි පොඩි කාලේ ඉඳලම යාළුවෝ.ටීනාගේ අම්ම නැති වුණාට පස්සේ එයාව බලාගත්තෙත් පූජාගේ අම්ම තමයි. මේ තුන් දෙනාම හොඳ යාළුවෝ. එයාලගේ දෙමව්පියනුත් එහෙමයි. රාජ් පොඩි කාලේ ඉඳලම ටීනාට විශේෂ කැමැත්තක් තියෙනවා. එත් ටීනාගේ හිතේ එහෙම එකක් නෑ. ටීනා කියන්නේ හරිම දාග කාර චරිතයක්. එතකොට පූජා හරිම නිවිච්ච චරිතයක්. ඔහොම ඉද්දි රාජ්ලගේ පවුලම ලන්ඩන් යනවා. ලන්ඩන් යද්දී රාජ් ටීනට කියනවා පූජාගේ කොම්පියුටරේට ඊමේල් කරන්නම් ඔයාට. ඔයත් මට ලියන්න කියල. එත් රාජ් ගිහින් එවන ඊමේල් වලට ටීනා උත්තර යවන්න බෑ කියනවා. ඉතින් පූජා තමයි ඒවාට ටීනා වගේ උත්තර යවන්නේ. පූජාගේ හිතේ රාජ්ට විශේෂ කැමැත්තක් තිබුණ. ඕක ඔහොම ඔහොම අවුරුදු 15ක්ම ගෙවුණා. දැන් රාජ් ආයේ ඉන්දියාවට එන්න හදන්නේ. ඒක දැනගත්තුගමන් පූජා ටීනාට කියනවා එයා ලියුම් එව්ව විදිහට ඉන්න කියල. සති දෙකයි ඒ රඟපෑම කරන්න තියෙන්නේ කියල ටීනාව වැඩේට කැමති කරගන්නවා. ඉතින් රාජ් ඇවිත් ටීනාට ආදරේ කරන්න ගන්නවා. ටීනගේ හිතේ කැමැත්තක් තිබුණේ නැතත් එයාගේ හිතටත් රාජ් ගැන ටික ටික හිතෙන්න ගන්නවා. අසරණ පූජා මේ දේවල් වෙන්න දීලා බලන් ඉන්නවා. එත් මේ දේවල් මෙහෙමම තියෙන්නේ නෑ.
අපෝ වැඩියෙනුත් එක්ක කිව්වද මන්ද. හරි හරි. රාජ් පූජා ගැන දැනගන්නවද? මොනවාද වෙන්නේ කියල ඔයාලා බලලම දැනගන්නකො






