CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3922 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Scooby-Doo! and the Loch Ness Monster (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Scooby-Doo! and the Loch Ness Monster (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 21, 2004USA74 Min.
Your rating: 0
9.5 18 votes
Scooby-Doo and the Loch Ness Monster (2004) | ස්කූබි ඩූ සහ ලොක්නෙස් විලේ නෙසීගේ අභිරහස

ලොක්නෙස් හයිලන්ඩ් ගේම්ස් කියලා තරඟාවලියක් පවත්වන ඩැෆ්නිගේ ඥාති සහෝදරියක් වෙන ශැනන් බ්ලේක්ව හමුවෙන්න යන ස්කුබී යාළුවෝ සෙට් එකට විසඳන්න වෙන අභිරහසක් තමා මේ කතාවට 6.7 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. මේ කාටූන් එකට පදනම් වෙලා තියෙන කතාව ගැන පොඩි විස්තරයක් කරන්න මට හිතුණා. නොදන්න අයට දැනගන්නත් එක්ක.

ලොක්නෙසී විලේ නෙසී කියන නම අහලා නැති කෙනෙක් නැති තරම් මං හිතන්නේ. ලොක්නෙස් විලේ මෘගයා, ලොක්නෙස් විලේ ආර්යාව වගේ නම්වලින් හඳුන්වන ස්කොට්ලන්තයේ ලොක්නෙස් විලේ ජීවත් වෙනවා කියලා සැළකෙන මේ සත්වයා හඳුන්වන සුරතල් නාමය තමයි නෙසී කියන්නේ. ඉන්නවද නැද්ද කියලා තාමත් මතවාදයන්ට භාජනය වෙන සත්වයෙක් වගේම වාර්තා වැඩසටහන් හා චිත්‍රපටි විශාල ප්‍රමාණයකට පදනම සැපයූ සත්වයෙක්. ඒ වගේම නෙසීව ඇස් දෙකෙන්ම දැක්කා කියලා ලැබිලා තියෙන පැමිණිලි ප්‍රමාණයත් සුළුපටු නෑ. නෙසී ගැන තියෙන සාක්ෂි සළකලා බලද්දි විශාල සිරුරක් හිමි, දිගු වලිගයක්, දිගු බෙල්ලක් හා පාද වෙනුවට වරල් තියෙන අමුතු සත්වයෙක්ව ගල්වල කැටයම් කරන්න ගොඩක් ඉස්සර ස්කොට්ලන්තෙ ජීවත් වුන පික්ට්ස් ගෝත්‍රිකයෝ සමත් වෙලා තියෙනවා. පික්ට්ස් ගෝත්‍රිකයෝ ඒ විදිහට ගල්වල කැටයම් කරපු අනිත් හැම සත්වයෙක්වම අඳුරගත්තත් මේ අද්භූත සත්වයා මොකාද කියලා අඳුරගන්න සත්ව විද්‍යාඥයෝ පවා අපොහොසත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ කාලේදි ක්‍රිස්තු ධර්මය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ස්කොට්ලන්තයට ආපු කොළොම්බා නම් ශාන්තුවරයාගෙන් මේ සත්වයාව පළවා හරින්න කියලා පික්ට්ස් ගෝත්‍රිකයෝ උදව් ඉල්ලුවා කියලත් කතාවක් තියෙනවා.

කොහොමහරි 1933 අවුරුද්දෙි මාමඩූක් වෙදරල් කියලා කෙනෙක් විල් ඉවුරේ තිබිලා යෝධ අඩි සලකුනු වගයක් හොයාගත්තා කියලා කරපු ප්‍රකාශෙත් එක්ක ලොකු ආන්දෝලනයක් ඇකි වුනා. ඒත් පස්සේ හෙළි වුනා වෙදරල් කියන්නේ එක්තරා පුවත්පතක් විසින් එයාලගේ පුවත්පත් අලෙවිය වැඩි කරගැනීමේ අරමුණින් නෙසී ඉන්නවා කියලා බොරුවක් ගොතන්න කුලියට‌ ගත්ත කෙනෙක් බවත්, අර විල් ඉවුරේ තිබුනා කියන අඩි සලකුණු ව්‍යාජ විදිහට සකස් කරපු ඒවා බවත්. ඒ වුනත් තමන් කළේ බොරුවක් නෙමෙයි කියලා ඔප්පු කරන්න වෙදරල් සෑහෙන මහන්සි වුනා. එයා තමන්ගේ පුතාලා දෙන්නත් එක්ක එකතු වෙලා නෙසීගේ ව්‍යාජ ඡායාරූපයක් නිර්මාණය කළා. ඒක කළේ සෙල්ලම් සබ්මැරීන් එකකට සෙල්ලම් මුහුදු නාගයෙකුගේ හිසක් සවි කරලලු. අදටත් නෙසී ගැන අන්තර්ජාලේ හොයද්දි ගොඩක්ම ප්‍රසිද්ධ ඡායාරූපය මේක තමයි. ඒ ඡායාරූපය නිකුත් වෙලා අවුරුදු 61 ක් ගියාට පස්සේ ඒ කිව්වේ 1994 අවුරුද්දෙි තමන් කළේ බොරුවක් කියලා මරණ මංචකයේ හිටපු වෙදරල් විසින් පාපොච්ඡාරණය කළා.

වෙදරල් නිර්මාණය කළ ව්‍යාජ ඡායාරූපය

කොහොම වුනත් මේ සිද්ධි නිසා ඇති වුන ආන්දෝලනයත් එක්ක සබ්මැරීන්, සෝනාර් වගේ උපකරණත් ඇතුළුව විශාල තාක්ෂණික උපකරණ යොදාගෙන නෙසීව හොයන්න සෑහෙන ගවේෂණ ප්‍රමාණයක් ලොක්නෙස් විලේ සිද්ධ වුනා. රොබට් එච් රයින්ස් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම විසින් එසේ සිදුකළ එක් පර්යේෂණයකදී ගත්ත එක අපැහැදිලි ඡායාරූපයක වරලක් වගේ දෙයක් සටහන් වෙලා තිබුනා. 1975 දී මේ ඡායාරූපය විශ්ලේෂණය කරපු පීටර් ස්කොට් කියන බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් නෙසිටෙරාස් රොම්බොප්ටෙරික්ස් ( Nessiteras rhombopteryx ) යන විද්‍යාත්මක නාමය නෙසීට ලබා දුන්නා. ග්‍රීක භාෂාවෙන් ඒකේ තේරුම ”දියමන්තියක හැඩයක් ගත් වරලක් ඇති නෙසී” කියන එක. මේ සිදු කරපු ගොඩක් ගවේෂණ වලදී ලැබුනූ සෝනාර් සටහන් අතර අපැහැදිලි රූ සටහන් කිහිපයක්ම තිබුනත් ඒවා මොනවද කියලා හරිහැටි පැහැදිලි නැති හින්දා නෙසී සිටින බවක් පැහැදිලිව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් තරම් සාක්ෂියක් නම් හමුවෙලා නෑ.

රොබට් රයින්ස්ට ලැබුනු අපැහැදිලි ඡායාරූපය

2003 වසරේදී ලොක්නෙස් විල් ඉවුරේ කරපු කැණීම්වලදී සර්ව සම්පූර්ණ කොඳු නාරටි 4 ක පොසිල සොයාගැණුනා. මේ අස්ථි ප්ලෙසියොසෝර් නම් ජලජ ඩයිනසෝර් විශේෂයට අයිති බව පසුව හඳුනා ගැනුණා. උගේ ඔළුව පොඩියි. බෙල්ල දිගයි, ඒ වගේම සද්ධන්ත ශරීරයක් වරල් හතරක් හා දිගු වලිගයක් තියෙනවා.

ප්ලෙසියසෝර් ඩයිනසෝරයෙක්

මේ පොසිල ලොක්නෙස් ඉවුරේ තැන්පත් වුනේ කොහොමද කියන එක පොසිල විද්‍යාඥයින්ට ගැටලුවක් වෙලා තියෙනවා. නෙසී ගැන තියෙන ජනප‍්‍රවාද වගේම ඇසින් දැක්කා කියන සාක්ෂිවලින් විස්තර කරන්නෙත් මේ ප්ලෙසියොසෝර් ඩයිනෝසරයෙක්ගේ හැඩරුවමයි. ඒත් ප්‍රශ්නේ තමයි ප්ලෙසියොසෝර්ලා ජීවත් වුනා කියලා සැළකෙන්නේ මහා සාගරයේ. ඒ කියන්නේ කරදිය ජලයේ. ඒත් නෙසී ජීවත් වෙනවා කියලා සැළකෙන්නේ මිරිදිය ජලය සහිත විලක් වෙන ලොක්නෙස් විලේ. අනිත් එක ප්ලෙසියොසෝර්ලා වගේ චලතාපී සත්ව විශේෂයකට ලොක්නෙස් වගේ අධික ශීතලක් සහිත විලක ජීවත් වීමට හැකියාවක් නෑ. අනෙක් වැදගත්ම කරුණ තමයි ප්ලෙසියොසෝර්ලා ඇතුළු අනෙකුත් ඩයිනසෝරයින් ජීවත් වුණේ වසර මිලියන 65 කට විතර කලින්. ඒත් ලොක්නෙස් විල නිර්මාණය වෙලා තියෙන්නේ ඊට වඩා ගොඩක් පස්සෙ කාලෙක. ඔන්න ඔය දේවල් හින්දා නෙසී කියන්නේ ප්ලෙසියසෝරස් සත්වයෙක් නෙමෙයි කියලත් තර්ක කරනවා. ඒ වුනත් සිද්ධ වෙච්ච මෑත කාලීනම පරීක්ෂණ අනුව බහුතර විද්‍යාඥ මතය තමයි නෙසී කියන්නේ විශාල ප්‍රමාණයේ ආඳෙක් වෙන්න පුළුවන් කියන එක. ඒ කොහොම වුනත් නෙසී කියන්නේ ස්කොට්ලන්තේ ලොක්නෙස් විල පිහිටි ප්‍රදේශෙට නම් අති දැවැන්ත සංචාරක ආකර්ෂණයක්.

විස්තර කියන්න ගිය හින්දා ලිපියත් සෑහෙන දික් වුනා. නෙසීව හොයාගෙන ස්කුබී කණ්ඩායම කරන පරීක්ෂණ පවා ඇතුළත් මේ කාටූන් එක හැමෝම ස්කූබි ඩූ රසිකයෝ හැමෝම රස විඳියි කියලා හිතනවා.

Scooby-Doo! and the Loch Ness Monster (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Loch Ness Monster (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Loch Ness Monster (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සොහාන් ජයසූරිය (Baiscopelk)

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Casey Kasem isShaggy (voice)
Shaggy (voice)
Sheena Easton isProfessor Fiona Pembrooke (voice)
Professor Fiona Pembrooke (voice)
Michael Bell isDuncan MacGubbin / Mcintyre (voice)
Duncan MacGubbin / Mcintyre (voice)
Grey DeLisle isDaphne Blake / Shannon Blake (voice)
Daphne Blake / Shannon Blake (voice)
Frank Welker isScooby-Doo / Fred / Lachlan Haggart (voice)
Scooby-Doo / Fred / Lachlan Haggart (voice)
Mindy Cohn isVelma Dinkley (voice)
Velma Dinkley (voice)
Jeff Bennett isDel Chillman / Sir Ian Locksley / Harpoon Gunner (voice)
Del Chillman / Sir Ian Locksley / Harpoon Gunner (voice)
John DiMaggio isColin Haggart / Volunteer #1 (voice)
Colin Haggart / Volunteer #1 (voice)
Phil LaMarr isAngus Haggart / Volunteer #2 (voice)
Angus Haggart / Volunteer #2 (voice)

Similar titles

Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Romeo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Rogue Nation (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Beyond The 7 Seas (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla: City on the Edge of Battle (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mavka: The Forest Song (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stree 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
As the Gods Will (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Extraordinary Adventures of Adèle Blanc-Sec (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Justice League: Crisis on Infinite Earths Part One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Attraction (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published