EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDriver Jamuna (2022) | “මරණයේ ගමන”
2022 දෙසැම්බර් 30 රිලීස් උන මේ සුපිරිම tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ Crime/Thriller කියන Category එකට..ගොඩ වෙලාවකුත් නෑ පැයයි මිනිත්තු 43 තියෙන්නේ.. 😘♥️
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ P. Kinslin කියන අධ්‍යක්ෂකවරයා විසින්..ප්‍රධාන චරිතය සදහා Aishwarya Rajesh විසින් තමයි දායක වෙලා තියෙන්නේ…
උප ප්‍රධාන චරිත සදහා Aadukalam Naren, Kavitha Bharathi, Abhishek Kumar, Ilaya Pandi යන නළු නිලියන් දායක වෙලා තියෙනවා..
හැමෝටම මිස් කරගන්නේ නැතුව බලන්න කියල ආරාධනා කරනවා.. මොකද මරු ෆිල්ම් එකක් ✊️🔥
විස්තරේ පොඩ්ඩක් කියන්නම්..
ජමුනා(Aishwarya) තමයි අපේ කතා නායිකාව.. එයාගෙ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක්..අම්මට සනීප නෑ… බොහොම අමාරුවෙන් ජිවත් වෙන්න දගලන කෙල්ලෙක්..එකපාරටම තාත්තා හදිස්සියේම නැති වෙනවා.. තාත්තා මැරුණට පස්සේ තාත්තාගේ වාහනේ අරන් ජමුනා හයර් කරනවා.. ඔහොම ඉන්නකොට.. කුලියට මිනී මරණ කුලී හේවායෝ වගයක්, මිනී මැරුමකට මෙයාගේ වාහනෙන් යනවා.. මෙයා කිසිම දෙයක් දන්නේ නෑ.. මෙයා එයාලව එක්කන් යනවා.. ඔහොම යනකොට තමයි හොද හොද සිද්දි මගදී වෙන්නෙ.. මං ඔය කිව්වේ නිකන් සාමන්‍ය පසුබිම් කතාව විතරයි.. ටික ටික බලද්දී සෑහෙන්න සංකීර්ණ වෙනවා.. ඇතුලෙන් තියෙන්නේ පිටින් පෙන්නන සාමාන්‍ය කතාව නෙවෙයි කියලා මතක තියාගෙනම බලන්න 😈❤️
හැමෝටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 😘♥️




