Cast
Go Full Cast PageDr. 56 (2022) | “මාරාන්තික පරීක්ෂණ”
මං ගොඩක්ම අරන් එන්නෙ Crime / Thriller ෆිල්ම්ස් නෙ මේකත් එහෙම ෆිලුමක් 😁♥️ 2022 දෙසැම්බර් 09 වෙනිදා නිකුත් උන මේ කන්නඩ චිත්‍රපටය අයත් වෙන්නෙ Crime / Thriller කියන Category එකට 🔥
මේක අධ්‍යක්ෂණය කරන්නේ කියන Rajesh Anandleel අධ්‍යක්ෂකවරයා විසින්.. ඒ වගේම කතාව Praveen Reddy විසින්..
ප්‍රධාන චරිතය සදහා දායක වෙන්නෙ Priyamani .. ඇයව ගොඩක් දෙනෙක්ට නුපුරුදු ඇති..ඒත් මෙයාව අපිට 2023 එන්න තියෙන ශාරුක්ගේ Jawan ෆිල්ම් එකෙන් බලාගන්නත් පුළුවන්.. මේ ෆිල්ම් එකේ මෙයාගෙන් අපිට සුපිරි රංගනයක් බලාගන්න පුළුවන් ❤️🔥 දෙවන උප ප්‍රධාන චරිතය සදහා දායක වෙන්නෙ Praveen Reddy.. ඔහුගෙනුත් සුපිරි රංගනයක් බලාගන්න පුළුවන් ඔයාලට 😋❤️
Prime Video: Dr. 56
●Cast
◈Priyamani as Priya Krishna
◈Praveen Reddy T. as Arjun
◈Raj Deepak Shetty as Aswath
◈Ramesh Bhat
◈Veena Ponnappa
◈Manjunath Hegde
◈Yathiraj
කතාව පොඩ්ඩක් කියන්නම් 🤟
ප්‍රියා කියන්නේ CBI නිලධාරිනියක්.. හදිස්සියේ සිද්ද වෙන වෛද්‍යවරයෙක් සම්බන්ද නඩු පරීක්ෂණයක් මෙයාට බාර වෙනවා.. මේ පරීක්ෂණය කරගෙන යන අතරතුර තවත් වෛද්‍යවරු දෙදෙනෙක් ඝාතනය වෙනවා.. පරීක්ෂණය ඔහොම කරගෙන යනකොට සැක පිට අත්අඩංගුවට ගන්න දුර්ලභ රෝගයකින් පෙලෙන අර්ජුන් කියන පුද්ගලයා නිසා කතාව වෙනත්ම පැත්තකට හැරෙනවා 🙄 මෙතනින් එහාට කිව්වොත් Thrill එක නැතුවයයි, ඒ නිසා නොකිය ඉන්නම් 🥲
මේ මිනීමරුවා වෛද්‍යවරු තිදෙනා ඝාතනය කරලා තියෙන්නේ අතිශය සාධාරණ හේතුවක් නිසා නම්…….?
Prime Video: Dr. 56
ෆිලුම බලලම විස්තරේ දැනගන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා 🤭♥️


