EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePyali (2022) | “සහෝදර බැඳීම”
2022 ජූලි 08 වෙනිදා නිකුත් උන මේ ලස්සනම ලස්සන ආදරණිය කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Babitha & Rinn කියන අධ්‍යක්ෂකවරයින් දෙදෙනා විසින්..කතාවත් ඔවුන්ගේමයි..විශේෂම දේ තමයි මේ චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය සපයල තියෙන්නේ සුපිරි නළු DQ නොහොත් Dulquer Salmaan ගේ Wayfarer films සමාගම විසින් 🥺❤️ මේ චිත්‍රපටිය IMDB අගයත් 6.9ක් වගේ ඉහල අගයක් අරන් තියෙනවා 😋
චිත්‍රපටියේ ප්‍රධාන චරිතය එහෙමත් නැති නම් ප්‍යාලිගේ චරිතය කරන්නේ Barbiee කියන චුටීම චුටී ලස්සන හුරතල් කෙල්ල.. එයාව අපිට 2018 නිකුත් උන Baaghi 2 ෆිල්ම් එකෙන් වගේම 2019 නිකුත් උන Bharat ෆිල්ම් එකෙනුත් දැකගන්න පුළුවන් උනා.. 🤗 අනික් ප්‍රධාන චරිතය එහෙමත් නැති නම් චිත්‍රපටයේ ප්‍රධාන බර කරට අරන් රංගනයේ දායක වෙන අවුරුදු 14ක් වන ළමා නළු George Jacob විසින්.. 🤗 මේ දෙන්නගෙන්ම කවුරුත් බලාපොරොත්තු නොවෙන ආකාරයේ ඉතාමත් ලස්සන ආදරණීය රංගනයක් දැක බලාගන්න පුළුවන් 🔥🌍 ආරාධිත රංගනය සදහා කවුරුත් දන්න හදුනන නළු Unni Mukundan ද රංගනයෙන් දායක වෙනවා.. ඉන්නේ පොඩි කොටසකට උනත් මුළු චිත්‍රපටයටම ලස්සන අවසානයක් දෙන්න ඔහුට හැකි වෙනවා..
කතාව පොඩ්ඩක් බලමු 🙃
සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් හදවතට දැනෙනවා හරිම අඩුයි.. එහෙමත් ෆිල්ම් එකක් තමයි එහෙම හදවතටම දැනෙන්නේ..ෆිල්ම් එකක් බලද්දී ඇහෙන් කදුලක් එන්නෙත් කලාතුරකින්..ෆිල්ම් එකක් බලද්දී සමහර කොටස් නැවත නැවත ආපස්සට අරන් බලන්නෙත් හරිම අඩුවෙන්..මං මේ ඉහත කිව්ව සේරම අත්දැකීම් මේ ෆිල්ම් එක බලද්දී ඔයාලටත් ගන්න පුළුවන් අනිවාර්යෙන්ම 🙂❤️කාත් කවුරුවත් නැතුව සමාජයේ විවිධ තරාතිරම් වල මිනිස්සුන්ගේ කරදර බාධාවන් මැද තමන්ගේ චුටී නංගිවත් බලාගෙන එයාව සතුටින් තියෙන්න, උගන්නන්න හීන බලාපොරොත්තු ගොඩක් තියන්න උපරිම මහන්සි වෙන අවුරුදු 14ක සියා කියල පොඩි පිරිමි ළමයෙක්ගේ කතාවක් මේක..💖 මේක ඔහුගේ කතාව නෙවෙයි! ඔබෙයි මගෙයි කතාව වෙන්න පුළුවන්! 💯
කාශ්මීරයේ ඉපදිලා තමන්ගේ අම්මා තාත්තා දෙන්නම නැති උනාට පස්සේ මේ අයියයි නංගියි කේරලයට එනවා..ඇවිත් ටවුමට කිට්ටු දුප්පත් මිනිස්සුම ඉන්න එකතරා ගමක ජිවත් වෙනවා! මේ ගමේ මිනිස්සු ඔක්කොම කරන්නේ ගමේ ප්‍රධානියා වගේ ඉන්න මනුස්සයා එයාලට දෙන එක එක බඩු මුට්ටු, පාරේ මිනිස්සුන්ට විකුණලා ඒ හොයන සල්ලි අයිතිකාරයට ගෙනත් දෙන එක.. සියත් ඒ රස්සාවමයි කරන්නේ තමන්ගේ නංගිව සතුටින් තියන්න..🥰 දවසක් සල්ලි එකතු කරන කෙනා සියාට පොඩි ප්‍රශ්නයක් ඇති කරනවා සල්ලි අඩුයි කියලා..සහීර් කියන සියාගේ යාළුවා මේක බලාගෙන ඉන්න බැරුව සියාගේ පැත්තට කතා කරන්න ගිහින් සල්ලි එකතු කරන කෙනත් එක්ක පොඩි ප්‍රශ්නයක් ඇති කරගන්නව.. සහීර් ගහන එකපාරක් නිසා සල්ලි එකතු කරන මනුස්සයා සිහිය නැතුව වැටුනට පස්සේ සහීර් ගමෙන් පැනල යනවා.. සියා නිසා මේ ප්‍රශ්නේ උන නිසා ගමේ ප්‍රධානියා සියාවත් නංගි එක්ක එයා ඉන්න තැනින් එලවනවා……😔
මං මේ කිව්වේ මුල් විනාඩි 20 විතරයි.. 😋❤️
මෙතනින් පස්සේ කාත් කවුරුත් නැති මේ අයියගෙයි නංගිගෙයි ඉරණම කොහොම විසදෙයි ද…😚 හැමෝටම අනිවාර්යෙන්ම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 🤗
- Direct Download 1080p Links
- Direct Download 720p Links
- Direct Download 480p Links
- Telegram Download 480p|720p|1080p Links


