EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Thunivu (2023) | ” බැංකු මංකොල්ලය ”

| Original WEB-DL Quality |

Action / Thriller කියන Category එකට අයත් වෙන මේ tamil ෆිල්ම් එක, මේ අවුරුද්දේ(2023) ජනවාරි 11 වෙනිදා Red Giant Movies හරහා තයිපොංගල් උත්සවයට සමගාමීව තමයි නිකුත් උනේ.. ඒකත් තලපති විජේ සර්ගේ Varisu 2023 ෆිල්ම් එකත් එක්ක කරට කර..හිතාගන්නකෝ කොහොම තරගයක් ද කියලා 😝

Thunivu කියන නමේ තියෙන්නෙ ධෛර්යය කියන අදහස!

එතකොට මේ චිත්‍රපටයේ කතාව හා අධ්‍යක්ෂණය දෙකම සිදු කරන්නේ කරන්නේ H. Vinoth කියන අධ්‍යක්ෂකවරයා විසින්..ඒ වගේම නිෂ්පාදනය සිදු කරන්නේ Boney Kapoor විසින්..ගිය අවුරුද්දේ නිකුත් උන Ajith Kumar විසින්ම රංගනයෙන් දායක උන Valimai 2022 ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය සිදු කරේ ඒ දෙපළ විසින්මයි! ඒ වගේම මේ චිත්‍රපටය IMDB අගය 6.9 වැනි ඉහළ අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා..එමෙන්ම ධාවන කාලය මිනිත්තු 146 ක්‌ වෙනවා! මේ ලිපිය ලියන මොහොත වෙද්දී ඉන්දියන් බොක්ස් ඔෆිස් ආදයම් වාර්තාව ඉන්දියන් රුපියල් කෝටි 195ක්‌ හිමි කරගෙන තියෙනවා.. මේ ආදායම් වාර්තාව දෙවනි වෙන්නෙ තලපතිගේ Varisu ෆිල්ම් එකට විතරයි 🤗

ප්‍රධාන චරිතය අපි කවුරුත් ආදරේ කරන සුපිරි දමිළ නළු Ajith Kumar විසින් තමයි කරන්නේ.. මේ චිත්‍රපටය ඔහුගේ සිනමා දිවියේ ඔහු රංගනයෙන් දායක උන 61 වන චිත්‍රපටය වීම විශේෂත්වයක්‌! Thunivu First Look Poster එකෙත් තියෙන්නේ Ajith Kumar AK61 එකක් අතේ තියන් ඉන්නවනේ, ඒකත් මේක එයාගේ 61 වෙනි ෆිල්ම් එක කියන්න ප්‍රේක්ෂකයාට දුන්න ඉගියක්ලු 😋 හැම චිත්‍රපටයේ වගේම මේකෙත් අපිට ඔහුගේ සුපිරි ක්‍රියාදාම ටිකක් බලාගන්න පුළුවන්

ඒවගේම උප ප්‍රධාන චරිත සදහා Manju Warrier, John Kokken, Samuthirakani වැනි නළු නිලියන් පිරිසක් දැක බලාගන්න පුළුවන් වෙනව…විශේෂම දේ තමයි අපි ගොඩක් වෙලාවට Samuthirakani ව දකින්නේ ප්‍රතිවීර චරිතයෙන් නේ… මේ ෆිලුමේදී අපිට ඊට වඩා හාත්පසින්ම වෙනස් චරිතයකින් ඔහුව දැකගන්න පුළුවන්.. ඒ පොලිස් කමිෂනර්ගේ චරිතයෙන් 🤩

ගොඩක් අය අහනවනේ, පටන් ගත්ත වෙලේ ඉදන් Action තියෙන ෆිල්ම්ස් නැද්ද කියලා… මෙන්න එහෙම ෆිල්ම් එකක්.. අරන්ම බලන්නකෝ 🤫💪🔥

| Original WEB-DL Quality |

විස්තරේ පොඩ්ඩක් කියන්නම්,

රාධා කියන මැරය ඇතුළු එයාගේ කල්ලිය සැලසුම් කරනවා චෙන්නයි වල තියෙන ‘ Your Bank ‘ කියන බැංකුව මංකොල්ල කන්න.. ඒකත් ACP රාමචන්ද්‍රන් කියන පොලිස් නිලධාරියාගේ සම්පුර්ණ සහය ඇතුව.. ඒ සියල්ලම සැලසුම් කරලා, මෙයාල බැංකුව මංකොල්ල කන්න කියලා හිතන් ඇතුලට ගිහින් වැඩේට එන්ටර් වෙන්න බලද්දී අපේ වීරයා, Dark Devil නොහොත් Michael Jackson 😈 බැංකුව කලින්ම මංකොල්ල කාල, බැංකුව ඇතුලට වෙලා AK61 එකත් අතේ තියන්, සේරමල ප්‍රාණ ඇපයට අරන් ආතල් එකේ පුටුවක වාඩි වෙලා පොතක් කියවනවා 😂🔥

මේ මං කිව්වේ පලවෙනි විනාඩි 10! මෙතනින් එහාට මං මොකුත්ම කියන්නේ නෑ.. මොකද එහෙම කිව්වොත් කුතුහලය නැතුව යන නිසා 😛

Dark Devil ඇයි මේ බැංකුව මංකොල්ල කන්නේ ⁉️ මොකක්ද මේ බැංකුව වටා තියෙන කේස් එක❓️
සේරම දැනගන්න ෆිලුම බලන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා 🙂♥️

| Original WEB-DL Quality |

Comments

February 11, 2023

Pathan film eka thama naddha

February 13, 2023

Hello

March 6, 2023

download karanna bane cloud flare eken video eka retrict karala

    Cinesubz March 6, 2023

    2023-03-06
    පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත.
    නැවත උත්සහ කරන්න.✅

August 20, 2023

❤️👌👍