EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Vadh (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Deepak Thaper, Jaspal Singh Sandhu, Rajeev Barnwal, Shamshir Khan
Cast
Go Full Cast PageVadh (2022) | මම මිනීමැරුවෙ නෑ..!!
Vadh (2022). Crime|Drama|Thriller ඝනයට තමා මේ චිත්‍රපටිය අයත් වෙන්නේ. Drishyam, Tabbar වගේ ඉන්දියානු නිර්මාණ විඳපු අය මේකටත් කැමති වෙයි කියලා හිතනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් Vadh අරගෙන තියෙනවා 7.4ක සෑහෙන අගයක්. චිත්‍රපටය කරපිට තියාගෙන යන්නේ ප්‍රවීණ, ප්‍රතිභාපූර්ණ නළු නිළි දෙපළක්. ඒ තමයි Sanjay Mishra සහ Neena Gupta. හින්දි සිනමා ප්‍රේක්ෂක ඔබට නම් ඒ නම් දෙක විතරක්ම ප්‍රමාණවත් වෙයි මේ චිත්‍රපටිය නරඹන්න හේතුවක් හොයනවා නම්.
ඉතින් කතාව පොඩ්ඩක් කියලා ඉන්නම්. ෂම්බුනාත් මිශ්‍රා සහ මංජු මිශ්‍රා කියන්නේ තමන්ගේ මහළුවිය ගෙවමින් කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ජීවත් වෙන ජෝඩුවක්. එයාලට එක පුතෙක් හිටියා. දැන් එයා ඇමෙරිකාවේ රැකියාවක් කරන ගමන් එහෙ පිළිවෙලක් වෙලයි ඉන්නේ. මේ ෂම්බුනාත් සහ මංජු දහ අතේ ණය වෙලා තමයි කොල්ලව රට යැව්වේ. හැබැයි කොල්ලට නම් දැන් එයාලා ගැන වගේ වගක්වත් තිබ්බේ නැහැ. වෙච්ච ණය ටික ගෙවාගන්න එකත් දැන් මිශ්‍රා ජෝඩුවගේ කරපිටටමයි පැටවිලා තිබ්බේ. ඔය අතර එයාලා ණය ගත්ත හාදයෙක් නිතර නිතර එයාලගේ ගෙදරට රිංගන්න ගන්නවා. කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිවම අනවසරයෙන් මේ මනුස්සයා හිටි හැටියෙම ගෙට කඩා වදිනවා. මේ මිනිහගේ නම පාන්ඩේ. මිනිහා එච්චර හොඳ කල්කිරියාවක් තියෙන හාදයෙක් නම් නෙමේ. ඉතින් දවසක් ෂම්බුනාත්ට බැරිවුණා අර යට කිව්ව මිනිහට ගෙවන්න තිබ්බ ණයපොලි ගාන ගෙවන්න. ඒකට හිලව්වක් විදිහට පාන්ඩේ කරේ ගෑනියෙක්වත් එක්කන් ඇවිල්ලා එදා රෑ ෂම්බුනාත්ගේ ගෙදර කාමරයක ගත කරපු එකයි. මේ විදිහට ෂම්බුනාත්ට සහ මංජුට දරාගන්න බැරි තරමේ කරදර මේ පාන්ඩේ කියන මිනිහා සිද්ධ කරා. එදා ෂම්බුනාත් ගෙදර හිටියේ තනියම. ඒ මෙයාලගේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන දවස වුණා. හිටිහැටියේම පාන්ඩේ ගෙදෙට්ට කඩාවැදුනා. ඒ හොඳටම බීගෙන…
ඉතින් ඊට පස්සේ මොකක්ද වුණේ? මේ ජෝඩුවගේ ඉරණම් කතාව වෙනස් වෙන තරමටම සිද්ධ වුණේ මොකක්ද? මේ පැය 1.45 පුරාවටම මේ Thriller එක්ක ඔට්ටු වෙන්න කියලා කියන ගමන් මං සමුගන්නවා.




