EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Salaam Venky (2022) | “වෙන්කිගේ ආචාරය පිළිගන්න”

මේ ෆිල්ම් එක තියෙටර් රිලීස් කරලත් මාස තුනකට ආසන්න කාලයක් යනකං Zee5 ෆ්ලැට්ෆෝම් එකෙන් ඩිජිටර් රිලීස් කරේ නෑ.. අන්තිමේදි කොහොමින් කොහොම හරි පෙබරවාරි 10 (අද) වෙනිදා OTT රිලීස් කරනවා කියලා පහුගිය දවසක දැනුම් දුන්නා

ඉතිං “සලාම් වෙන්කි” , ෆිල්ම් එක ගැන කතා කරොත් ,

මේ කතාව ඉන්දියාවේ හිටපු ‘කොලවෙන්නු වෙන්කටේෂ්’ කියන ගෞරවනීය පුද්ගලයෙක් වටා යෙදුනු කතාවක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ අධ්‍යක්ෂකවරියක් , ඇය වෙන කවුරුවත් නෙවෙයි ඉන්දියානු ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන රේවතී මහත්මිය , ඇයවත් ඔබට මේ ෆිල්ම් එක තුළින් ඔබට දැකගන්න පුළුවන් වෙයි.

චිත්‍රපටයේ කාස්ට් එක පැත්තට ගියොත් ,

‘විශාල් ජිත්වා’ , වෙන්කටේෂ් ක්‍රිෂ්ණන් ලෙසින් මේ කතාවේ නළුවා වෙද්දී , ඉන්දියානු හින්දි සිනමාවේ ඔබ සිත් ගත් ජනප්‍රියම පෙම් යුවල ‘කාජල් – අමීර්’ සුසං‍යෝජනයත් මේ ෆිල්ම් එකෙන් ඔබට බලාගන්න පුළුවන් , ‘කාජල්’ , සුජාතා ක්‍රිෂ්ණන් ලෙසින් දෛර්‍යවත්න , සෙනෙහෙවන්න සටන්කාමී මවක් ලෙසින් ඔබ හමුවට..

– ඔබ ෆිල්ම් එක බලන්න , ඔබේ හදවතටත් යමක් දැනේවි –

එතනින් එහාට ගියාම ,

‘Ridhi Kumar’ ශාරධා ලෙසිනුත් ,
‘Aneet Padda’ නන්දනී ලෙසිනුත් ,
‘Prakash Raj’ ප්‍රධාන විනිසුරු ලෙසිනුත් ,
‘Rajeev Khandelwal’ ඩොක්ටර් ශේකර් ලෙසින්
වගේම තවත් රංගන ශිල්පීන් – ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙනවා බලාගන්න පුළුවන්

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් ,

‘ඩියුෂන් මොස්කියුලර් ඩිස්ට්‍රොෆි’ [DMD] කියන ජානමය රෝගයක් නිසා පීඩා විදින වෙන්කටේෂ් ක්‍රිෂ්ණන්ගේ අවසන් බලාපොරොත්තුව , “අවයව පරිත්‍යාගය” වෙනුවෙන් මරණය පෙනි පෙනී සටන් වදින වෙන්කටේෂ් කියන තරුණ පුතාගෙයි , එයාගේ සෙනෙහෙබර නිර්භීත අම්මාගෙයි කතාව තමයි මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ..

ඒවගේම වෙන්කටේෂ්ගෙයි නන්දනීගෙයි කියූ නොකියූ ලස්සන ආදරයකුත් අපිට බලාගන්න පුළුවන්.

Comments