EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Pale Blue Eye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Pale Blue Eye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1830 ඔක්තෝබර් මාසයේ දී, ඇමරිකාවේ වෙස්ට් පොයින්ට් හමුදා පාසලේ සිදුවෙනවා, අභිරහස් මරණයක්. ලෙරෝයි ෆ්‍රයි නැමැති ශිෂ්‍යභටයා, එක් උදෑසනකදී හමුවෙනවා, හමුදා පාසලේ කඳවුරෙන් එලියේ ගසක එල්ලිලා මැරිලා ඉන්නවා. මේක අභිරහස් මරණයක් වුනේ, ලෙරෝයි ෆ්‍රයි ගේ හදවත නොතිබීම. කවුද මේ ඝාතනය කලේ? ඇයි මේ වගේ සාතන්ගේ ක්‍රියාවක් කලේ? මේක ගැන විමර්ෂණය කරන්න, මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච, හිටපු රහස් පරීක්‍ෂකයෙක්ව යොදවනවා. ඒ ඔගස්ටස් ලැන්ඩෝර්. මෙයාට පුළුවන් වේවිද මේ අභිරහස විසඳන්න???
මේ The Pale Blue Eye (2022) චිත්‍රපටියේ කතාවේ ආරම්භය. වෙනස් විදියේ තේමාවක් පදනම් කරගෙන නිර්මාණය වෙච්ච චිත්‍රපටියක්. කතාවට පසුබිම් වෙන්නේ 1830 අවුරුද්ද නිසා, එක විදියක පැරණි ගතියක් චිත්‍රපටියේ තියෙනවා. කතාබහ අපි ලියන භාෂාවෙන් තියෙන්නේ. උපමා උපමේය යොදාගෙන, බර වචන භාවිතයෙන් කතා කරන්නේ. ඒ හැමදේම සිංහලෙන් ලිව්වොත්, තේරුම් ගන්න වෙනම ශබ්ධ කෝෂයක් ඕන වෙන නිසා, ගොඩාක් වචන සරල සිංහලෙන් ලිව්වා. සමහර උපමා, ඒ විදියටම ලිව්වේ, කතාවේ හරි රසය අරගන්න ඕන නිසා. ආරම්භය තරමක් කම්මැලි චිත්‍රපටියක්. හැබැයි, දිගටම බලාගෙන ගියොත්, හොඳ රසවින්ඳනයක් අරගන්න පුළුවන්.
ඇමරිකාවේ නවකතාකරු Louis Bayard විසින් 2003 අවුරුද්දේ ලියපු The Pale Blue Eye නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වුනේ. Scott Cooper විසින් තිරරචනය කරලා, අධ්‍යක්‍ෂණය කරලා තියෙනවා. ගොඩාක් හොඳ චිත්‍රපටි එන්නේ Netflix හරහානේ. මේකත් එහෙමයි. රඟපෑමෙන් දායක වෙනවා, Christian Bale (ලැන්ඩෝර්), Harry Melling (එඩ්ගාර් පෝ), Lucy Boynton (ලියා), Toby Jones (දොස්තර) ඇතුළු පිරිසක්.
Web ratings ගැනත් පොඩ්ඩක් මතක් කරන්නම්. මේ ලිපිය ලියන මොහොතේ, IMDB 6.6, Rotten Tomatoes 63%, Metacritic 56%, Google Users 91% මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.








