EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Director:Don Mancini, Guy J. Louthan, Sarah Hayward
Cast
Go Full Cast PageSeed of Chucky (2004) | චකීගේ බීජය. (18+)
2004 වසරේ තිරගත වෙච්ච සුපිරි Horror ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය ටිකක් පරණ වුණාට මේකට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 87 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Don Mancini නම් අධ්‍යක්ෂවරයා.
1988 වර්ෂයේදී මුලින්ම තිරගත වුණු Child’s Play නම් චිත්‍රපටියේ පස්වැනි කොටස වශයෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ. ඒත් කලින් කථා නොබැලුවයි කියලා මේකෙ රස වින්දනයට ගැටළුවක් නෑ. Bound චිත්‍රපටයෙ සරාගී චරිතයක් රඟපාන Jennifer Tilly මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයක් රඟපානවා. ඇයම තමයි මෙම චිත්‍රපටි මාලාවෙම ටිෆිනි නම් දුෂ්ඨ බෝනික්කිට කට හඬ දෙන්නෙත්.
ඉතින් කථාව ගැන කියනවා නම්, මිනී මරුවෙක්ගෙ දුෂ්ඨ ආත්මයක් වැහුණු චකී නම් බෝනික්කට සහ ටිෆිනි නම් දුෂ්ඨ බෝනික්කිට දාව උපදින දරුවා ගැන තමයි මේ කථාව. එයත් බෝනික්කෙක්. තවත් දෙයක් කියන්න ඕනෙ, මේකෙ වැඩිහිටියන්ට පමණක් සීමාවුණු දර්ශනයකුයි නුසුදුසු වචන භාවිතයකුයි තියෙන නිසා වයස අවුරුදු 18 ට වැඩි අය විතරක් බලන්න.






