EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageLost (2023) | “අභිරහස් අතුරුදන් වීම”
මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකතුමා ගැන කතා කළොත් ඔහු තමයි 2016 අවුරුද්දේ #PINK චිත්‍රපටයත් අප වෙත සමීප කරන්නේ.. පින්ක් ෆිල්ම් එක හිට් උනා වගේම #LOST ෆිල්ම් එකටත් මේ වෙද්දි ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙන ෆිල්ම් එකක් වෙලා හමාරයි..
ඒ මොකද කිව්වොත් ඒකට ලොකුම හේතුව මේ ෆිල්ම් එකේ කතා තේමාව , “අතුරුදන් වීම”
අපේ අසල්වැසි රටේ මේ වෙද්දිත් ,
දවසකට ළමයි 174ක් අතුරුදන් වෙනවා , [හැම විනාඩි 8කටම එක ළමයෙක්]
දවසකට වැඩිහිටියන් 35-40 ක් අතුරුදන් වෙනවා
මාසෙකට 500-600 ක් අතුරුදන් වෙනවා [කොල්කටා තුළ පමණක්]
21 වෙනි සියවසේ මිනිස් අයිතිවාසිකම් හැමෝටම එකම අයුරින් ක්‍රියාත්මක වෙන ලොවක මේ දේවල් අහන්න දකින්න ලැබීමත් සෝචනීයයි. ඉන්දියාව ගැන එහෙම කතා කරද්දි ලංකාව ඇතුලෙත් මේ දේවල් අපේ රටේ නොවෙනවා කියලා අපිට අත පිහිදගන්න බෑ මොකද අපේ රටෙත් මේ වගේ සිදුවීම් ඉදල හිටල හරි වාර්තා වෙන නිසා
හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,
Yami Gautam – [විධී සහානි]
Tushar Pandey – [ඉෂාන් භාරතී]
Rahul Khanna – [රන්ජන් වර්මන්]
Pia Bajpiee – [අංකිතා චෞහාන්]
විධී කියන දක්ෂ වාර්තාකාරිණියට , පොලීසියේදී අහම්බෙන් මුණ ගැහෙන නමිතා කියන තරුණියගේ ප්‍රශ්නය විසදන්න ස්වකැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඇත්තටම නමිතාට තිබුනේ එක ප්‍රශ්නයයි , ඒ එයාගෙ මල්ලි වෙන ඉෂාන් භාරතී ඉන්න තැනක් හොයාගන්න එක , ඉතිං අපි හිතුවෙවත් නැති පැත්තකට අපිව මේ කතාව තුළින් අරගෙන යනවා. එහෙනම් කතාව බලලම ඉන්නකෝ..









