EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Legion of Super-Heroes (2023) | අන්තිමට ඒ මොකක්ද වුනේ

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි අපි කවුරුත් දන්න Super Girl ❤️. ක්‍රිප්ටෝන් විනාශ වෙනවත් එක්කම කාරාගෙ අම්මා එයාව පෘථිවියට එවනවා කොහොමහරි එයාගෙ සහෝදරයව හොයාගන්න කියලා .ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි .අපි හැමෝම ආදරය කරන Super Man😼. ඒත් තමන් ඉපදුන දවසෙ ඉදන් ජීවත් වුන ග්‍රහලෝකය අතෑරලා දාලා තමන් කවදාවත් දැකලා ,අහලා නැති ග්‍රහලෝකෙක ගිහින් ජීවත් වෙන්න වුනොත් මොනවා වෙයිද? කාරාටත් ඒ ප්‍රශ්නෙ ඒ විදිහට ම එනවා.එයා පෘථිවියේ දෙවල් වලට හුරු නැති නිසා එයාව ගොඩක් අය කරදරයක් විදිහට දකිනවා. ඉතින් ඒ නිසාම සුපර් මෑන් ට සිද්ද වෙනවා කාරාව පෘථිවියේ වෙනම ටයිම් ලයින් එකකට ගෙනියන්න.ක්‍රිප්ටෝන් තරම්ම නැති වුනත් සුපර් මෑන් කාරාව ගෙනියන්නෙ පෘථිවියේ යම් තරමක් දියුණු තාක්ෂණයක් තියෙන කාලයකට.කෙටියෙන්ම කිව්වොත් පෘථිවියේ 31 වන සියවසට.💥ඉතින් මෙහෙම ගියාට පස්සෙ තමයි හැම කරදරයක් ම පටන් ගන්නෙ.මන් ඒ මොනවද කියලා කියන්නෙ නෑ.ඔයාලම බලලා ඒක දැනගන්න.මේකෙදි අපිට සුපිරි ඇක්ෂන් සීන් ටිකක් බලාගන්නත් පුලුවන් .

ඒ වගේම මේ චිත්‍රපටයේ දි අපිට BAT MAN , FLASH වගේ සුපිරි කොමික් චරිත ටිකක් බලාගන්න පුලුවන් .

ආ තව දෙයක්.මේකේ අන්තිමට සුපිරි ම ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා .ඒක නම් මිස් කරගන්න එපා.මටත් හිතාගන්න බැරි වුනා අන්තිමට ඒ මොකක්ද වුනේ කියලා.

Comments