EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vaathi (2023) | ජීවිතය කියා දුන් ගුරුතුමා.

90′ දශකයේ ඉන්දීය පෞද්ගලිකකරණ ආර්ථිකයක් පැවතුණා. රටේ ආදායමත්, මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් වීමත් නිසා MBBS, ඉන්ජිනේරින් වගේ පාඨමාලා වලට දැඩි ඉල්ලුමක් ඇති වුණා. මේ ගැන ඉවෙන් දැනගත්ත සමහර පෞද්ගලික පාසල් හිමිකරුවෝ පෞද්ගලික පාසල්, TNPCEE(තමිල්නාඩු වෘත්තීය පාඨමාලා ප්‍රවේශ විභාගය.) සඳහා පුහුණු මධ්‍යස්ථාන ව්‍යාප්ත කරා. මේ පෞද්ගලික පාසල් හිමිකරුවෝ රජයේ පාසල්වල ගුරුවරුන්ව වැඩි පඩිවලට බඳවා ගත්තා. අධ්‍යාපන ගාස්තු ආදිය අධිකව අය කරා. මේ නිසා රජයේ පාසල් වැහීගෙන යන තත්වයට පත් වුණා. දුප්පත් මිනිස්සුන්ට අධ්‍යාපනය හීනයක් වුණා. මේ නිසා මධ්‍යම පාන්තික ආදී ජනයා රජයට විරුද්ධව විරෝධතා ආරම්භ කලා. රජය මෙයින් ඇඟ බේරා ගන්න පෞද්ගලික පාසල් සම්මේලනය සමඟ ගිවිසුමකට එළඹුණා. පෞද්ගලික පාසල් විසින් රජයේ පාසල් බාරගෙන කරගෙන යාමට ගිවිසුම් ගත වුණ. ඒ අනුව පෞද්ගලික පාසල්වල ගුරුවරුන් රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා යොමු කල යුතුයි. ඒත් ඔවුන් රජයේ පාසල් වලට යැව්වේ තුන්වැනි පන්තියේ ගුරුවරුන්. බාලමුරුගන් එවැනිම තුන්වැනි පන්තියේ සහයක ගුරුවරයෙක්. බාලා මධ්‍යම පාන්තිකයෙක් නිසාම තරමක් කරදර මැද ජීවත් වුණේ. පෞද්ගලික පාසල් සම්මේලනයේ ගිවිසුම අනුව බාලාව සෝළවරම් රජයේ පාසලට යෑමට සිදුවුණා. සෝළවරම් රජයේ පාසලට ගිය පලමු දවසේ උණුසුම් පිළිගැනීමක් ලැබුණා. පන්ති කාමරවල ළමයින් පිරී තිබුණා. බාලා හරිම උද්යෝගයෙන්දෙවෙනි දවසේ පාසලට ගොස් ළමුන් එනකල් බලාගෙන හිටියත් එදින කිසිම ළමයෙක් පාසලට පැමිණියේ නැහැ. අනෙක් ගුරුවරුන්ගෙන් මේ ගැන අහද්දි ඔවුන් කීවේ ගමේ සභාපති දේශපාලන හේතු නිසාවෙන් ගමේ ළමුන් සියල්ලෝම පාසලට කැඳවාගෙන ආ බවයි. සාර්ථක වීමේ අදිටනින් මේ පාසලට පය තැබුව බාලාට තමන්ගේ හීන ඉටු නොවෙයිදෝ කියලා හිතට ලොකු දුකක් ඇති වුණා. බාලා ගෙයින් ගෙට ගිහින් ළමුන් ගැන විමසා බැලුවා. බොහෝ ළමුන් රැකියා සඳහා ගොස් තිබුණා. තවත් කිහිප දෙනෙකු සූදූ කෙලිමින් හිටියා. සභාපතිගෙන් ළමුන් සහ දෙමව්පියන් ගම් සභාවට රැස් කරන ලෙසට ඉල්ලනවා. ගම් සභාවෙදි අධ්‍යාපනයේ වටිනාකම, ඉන් ලැබෙන් සමාජයෙන් ලැබෙන ගෞරවය, පිළිගැනීම, තත්වය ගැන දෙමව්පියන්ට පැහැදිලි කරලා දෙනවා. දෙමව්පියන්ගේ හිතේ පෙළඹවීමක් ඇති වීම නිසාවෙන් ඔවුන්ගේ දරුවන්ව පාසල් යැවීමට තීරණය කරනවා. බාලා සහ අනෙත් ගුරුවරුන් මේ ළමුන්ට ඉගැන්වීම් කටයුතු කරනවා. මධ්‍යම පාන්තිකයෙක් විදියට විඳින අඟහිඟකම් වලින් මිදෙන්න වැඩි ආදායමක් උවමනා වුණා. රැකියාවෙන් උසස් වීමක් ගන්න නම් බාලාට මේ පාසලේ සියලුම සිසුන්ගේ ලකුණු සමත් ලකුණු සීමාව පහු කරන්න වෙනවා. මේ අභියෝගයට මුහුණ දෙමින් යන ගමනෙදී බාලා සමඟ සහයට සිටි ගුරුවරු දෙදෙනෙක් එම පාසලෙන් ඉවත්ව යනවා. ඒ නිසාවෙන් බාලාට එම විෂයන් දෙකද සමඟ විෂයන් තුනක් උගැන්වීමට සිද්ද වෙනවා. මේ නිසා සිසුන් හැමෝම සමත් කරවීමේ අභියෝගය බාලාට තවත් අසීරු වනවා. තුන්වෙනි පන්තියේ ගුරුවරයෙක් නිසා බාලාව අවතක්සේරු කරලා මේ ගමට එව්වා. බාලාගේ අදහස අධ්‍යාපනය හැමෝටම වෙනසක් නැතිව ලැබිය යුතුයි යන්නයි. බාලා මේ පාසලේ සිසුන් හැමෝම සමත් කෙරෙව්වොත් ඒක ‘ගුණාත්මක අධ්‍යාපනය වෙනුවෙන් මිලක් ගෙවිය යුතුයි කියන පෞද්ගලික පාසල්වලට විශාල තර්ජනයක්’. මේ වගේ දුෂ්කර ගමක ළමයින්ගේ මනසට ඉගෙනීම ලබා දෙන්නේ මොන ආකාරයටද? ඔවුන් ඉලක්ක පිහිටුවා ගන්නේ කොහොමද? සරල වුණත් මෙහි බලාපොරොත්තු සුන් නොකරන ආකාරයේ හැඟීම්බරව ගලා යන කතාවක් අන්තර්ගතයි.

ඇතැම් දර්ශන ඇඬෙන තරමට මේ චිත්‍රපටය ගොඩක් අයගේ ජීවිතයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලගේ ජීවිතයම ගොඩ දැම්ම ගුරුවරයෙක් ඇති. ඔයාලා වෙනුවෙන් මූල්‍යමය හෝ වෙනත් ආකාරයෙන් කැපකිරීම් කරපු ගුරුවරු. විෂය කියාදෙන ගුරුවරුන්ට වඩා මතකෙට එන්නේ ජීවිතය කියා දුන්න ගුරුවරුන්ව. එයාලා ඔයාලට දඬුවම් කරලා ඇති. ඒ වෙලාවේ තරහ ගන්නත් ඇති. හැබැයි පරිණතභාවයට පත් වුණාට පස්සෙ එයාලා කරේ හරි දෙයක් කියලා ඔයාලට වැටහෙනවා.

මේ චිත්‍රපටය රචනා කර, අධ්‍යක්ෂණය කරන්නේ වෙන්කි අට්ලුරි විසින්. ඔහු Tholi Prema (2018), Mr. Majnu (2019) වැනි ආදායම් වශයෙන් සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලැබුවා. 2021 වර්ෂයේ පැමිණි Rang De (2021) චිත්‍රපටය නම් අසාර්ථක වුණා.

වාති පසුගිය වසරේ දෙසැම්බර් 2 දා නිකුත් කිරීමට දින යොදාගෙන තිබුණත් පසුව එය මේ වසරේ පෙබරවාරි මස 17 දක්වා කල් දැමුණා. තිරගත වී දින තුනක කෙටි කාලයකින් ඉ. රු. කෝටි 50ක ගෝලීය වශයෙන් ආදායමක් උපයා ගත්තා. ධනුෂ්ගේ වේගවත්ම කෝටි 50 පසු කල චිත්‍රපටය ද වනවා. තිරුචිට්‍රම්බලම් දින 4කින්ස් සහ අසුරන් දින 8ක් එම සීමාව පසු කිරීමට ගත වූවා. දින 15කින් මුළු ආදායම ඉ.රු. කෝටි 100 පසුකලා. Raanjhanaa (2013), Vaathi/ Sir (2023), Thiruchitrambalam (2022) ලෙසින් ධනුෂ් හින්දි, තෙළිඟු, දෙමළ සිනමා කර්මාන්තවලින් රු. කෝටි 100 ඉක්මවූ චිත්‍රපට හිමියි.

Comments

March 18, 2023

ane Ratsasan film eka dennako

March 18, 2023

Really great

March 20, 2023

March 28 Avatar 2 OTT release venawa❤🔥 aniwa oni😌👀

March 23, 2023

Dhanushge Myakkam enna , Ranjhana films deka dennako….🙄🙄

April 18, 2023

superb survise..keep it up