EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Chavan Prasad, Murali Kishor Abburu
Cast
Go Full Cast PageVinaro Bhagyamu Vishnu Katha (2023) | අපූරු මෙහෙයුම
අපේ ඇස් වල කඳුළු, අනිත් අයගෙ ඇස් වල කඳුළු වැගිරෙව්වොත්.. ඒ අපේ යහපත්කම නිසයි. ඒකම අපේ ඇඩීමෙන් අනිත් අයට හිනාවක් එකතු කලා කියන්නේ, ඒක අනිවාරෙන්ම අපේ වැරැද්ද නිසයි.
විශ්ණු, අපි හොදින් ඉන්නව කියන්නෙ මොකක්ද කියලා දන්නවද? අනිත් අය එක්ක අපි හොඳින් ඉන්න එකට. එයාල හොඳින් හිටියොත්, ඔයා අනිවාරෙන්ම හොඳින් ඉදීවි.
Vinaro Bhagyamu Vishnu Katha කියලා කියන්නේ සිංහලෙන් ගත්තම * අසන්න! භගවත් විශ්ණු දෙවියන්ගේ කථාව * කියන එකට. ඒත් අපිට මෙහිදි අපෙ කථා නායක විශ්ණුගෙ කථාව තමයි බලාගන්න ලැබෙන්නෙ.
විශ්ණු කියන්නෙ දකින , හමුවන ඕනෙම කෙනෙක්ට උදව්වක් ඕනෙ නම් කරල දෙන කෙනෙක්. ඇයි මොකටද කින්ද මන්ද නාහාම කරල දෙනවා. ඔහොම ඉන්නකොට තමයි විශ්ණුට ගැහැණු ළමයෙක්ගෙන් කෝල් එකක් එන්නෙ. ඇය කියනවා ඔයා මගේ නම්බර් නේබර් කියලා. ඒ කියන්නෙ තමන්ගෙ දුරකථන අංකෙට එහා පැත්තෙ අංකෙ තියෙන කෙනා. ඒවගේම එ නම්බරේට මෙහා පැත්තෙ අංකෙ ශර්මා මහත්තයගෙ. හැට පැන්නත් මනමාලයා පොර.
මේ තුන් දෙනා එකතු වෙලා යූටියුබ් වීඩියො හද හද ඉන්නකොට තමයි මේ අයගෙ ජීවිත උඩු යටුකුරු වෙලා යන්නෙ. ඔයාලත් ගැස්සිලා යයි ඉන්ටර්වල් එකේදි. ඒවගේම ආරම්භයත් නියමෙට දීලා එන්ඩ් එකත් කුතුහලය උපරිම කරලා ඉවර කරනවා.
මුල මැද අග ගාණට බැලන්ස් එකක් කාලෙකින් හම්බ උනෙ. අගදි ලැබෙන කුතුහලේ නැති කරගන්න නම් මේකෙ පාට් 2 එනකම් ඉන්න වෙනවා.
ඒ වගේම කතාවෙ තව සිඳුවීමක් වෙනවා, ඒ තමයි ලොකු මැර කල්ලියක් හා පොළීසිය ගැටෙම සිද්ධියක්. මේ ඔක්කොම කනෙක්ට් වෙලා තමයි දුවන්නෙ. මේකෙ දෑවැද්ද කියලා එකක් තියෙනවා. කුතුහලේ ඒ මතම තියේවි ඔයාල බලල ඉවර වෙනකොටත් 🤐 ඒවගේම චිත්‍රපටයේ නම ගැන අදහසකුත් නෑ තාම නම්. බලමු පාට් 2 එකෙවත්.




