EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Chathur Mukham (2021) | සිව්වෙනි මුහුණ

තේජස්විනි (Manju Warrier) සහ ඇන්තනී (Sunny Wayne) කියන්නේ විශ්ව විද්‍යාල කාලේ ඉදන්ම එකට ඉන්න මිත්‍රයෝ දෙන්නෙක්. මේ දෙන්නා එකතු වෙලා සීසීටීවී පද්ධති අලෙවි කරන ව්‍යාපාරයක් සිදුකරගෙන යනවා. තේජාස්විනී, අවිවාහක, බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන තරුණියක්. විශේෂම දේ තේජාස්විනී තමන්ගේ ජංගම දුරකථනයත් එක්ක දැඩිව බැදුණු කෙනෙක්. උදේ අවදි වෙන වෙලාවේ ඉදන් තමන්ගේ සෙල්ෆි ඡායාරූප ගන්න තේජාස්විනී නින්දට යනතුරුම ඒවා සමාජ ජාල මාධ්‍ය වලට මුදා හරිමින් විනෝද වෙනවා. මේ අතරෙද දවසක් ‌ඇය තමන්ගේ ගමේ සිදුවූ ශාන්ති කර්මයක් ඡායාරූප ගත කරමින් ඉන්න වෙලාවක ආවේශ වූ තරුණියක් ඇයගේ ජංගම දුරකථනය ‌වතුරට විසි කරනවා. මේ හින්දා ‌ඇයට අළුත් ජංගම දුරකථනයක් මිළදී ගන්න සිද්ධ වෙනවා. ඇන්තනීගේ උදව්වෙන් අන්තර්ජාලයෙන් අඩු මුදලට මිළදී ගත්ත ජංගම දුරකථනය හින්දා තේජාස්වනීගේ ජීවිතේ පෙරළියක් සිදුවෙනවා. අද්භූත සිදුවීම් මාලාවකට ඇයට මුහුණ දෙන්න සිදුවෙනවා.

මිනිත්තු 138 පුරාවට ජංගම දුරකථනයක් නිසා තේජාස්විනීගේ ජීවිතේට සිදුවන අදභූත සිදුවීම් මාලාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

Comments