EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Clickbait (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Izzy Lee, Michael J. Epstein, Sophia Cacciola
Cast
Go Full Cast PageClickbait (2019) | ඇස රැවටීමේ කලාව
මේ ෆිල්ම් එක හම්බවුණේ නිකමට YTS වල Horror ෆිල්ම් හොයහොයා ගිය දවසක. මම සාමාන්‍යයෙන් ඔය කොයිකේ වුණත් Parents Guide, Reviews කියවල තමයි ගන්නෙ. Clickbait වලට ලැබිල තියෙන ප්‍රතිචාර ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් අඩු වුණත් (IMDb 3.3/10, RT: Audience Score 48%, Tomatometer – Unspecified,) එතනින් බහුතරයක් දෙනා ප්‍රශංසා කරලා තිබුණා කතාවේ දෙබස් රචනයට සහ සංගීත සංකලනයට.
එහෙම එක තැනක තිබුණා මේක horror parody එකක් කියල. සමහර විට අපේ රටේ ටාසන් බාප්පා, අපි නොදන්න ලයිව්, එහෙම නැත්තන් ජාත්‍යන්තර වේදිකාවේ Weird Al Yankovic, Saturday Night Live වගේ නිර්මාණකරුවෝ සහ වැඩසටහන් ගැන ඔබ දන්නවා නම් මේ Parody කියන්නෙ ඔබට අලුත් දෙයක් නෙමෙයි. කොහොම හරි, නොදන්න අයට, Parody කියන්නෙ උපහාසාත්මක ප්‍රතිනිර්මාණයක් කියන එක. උදාහරණයක් විදිහට, ප්‍රසිද්ධ Love song එකක වචන වෙනස් කරල අපේ කේ. කේ. වී. ටාසන් බාප්පා, නැත්තන් එහෙ Weird Al Yankovic අලුත් සිංදුවක් හදල කිව්වොත්, ඒක Love song parody එකක්. ඒ වගේ.
සාමාන්‍ය Horror film වලදි මොන දේකත් තාත්විකත්වය ඉස්මතුකරන්න කලා අධ්‍යක්ෂකවරුත් සජීවීකරණ අංශයනුත් රෑ දවල් නැතුව දුක්විඳිද්දි අපිට මේ චිත්‍රපටයේ සමහර තැන්වලදි දැකගන්න පුළුවන්, දුටුමතින් ම බොරු ය කියලා අහු වෙන ඇතැම් රංග උපකරණ (උදා, ලී මී කතුරකට අහුවුණු ලොකු රෙදි මීයෙක්, මිනිස් ඩමී සහ කෘත්‍රිම මළසිරුරු, ලේ වෙනුවට තක්කාලි සෝස්…) ඒ ඇරෙන්න 1980 දශකයේ Halloween වගේ චිත්‍රපටවල ආභාසය බොහෝදුරට උකහා ගත්ත මේ චිත්‍රපටයේ මයිකල් මයර්ස් කෙනෙක්ගේ අඩුව පුරවන්න ඩොනල්ඩ් ට්‍රම්ප් (ගේ වෙස් මුහුණක්) තමයි ඉදිරිපත් වෙන්නෙ. කොහොම හරි, Dark Comedy, Experimental, Thriller, Horror, Screenlife වගේ කුලකවලට ඇතුළත් එකක් විදිහට Clickbait සලකන්න පුළුවන්.
මුලින් නම් සඳහන් අපේ ප්‍රධාන වලට අමතරව Seth Chatfield, Ryan James Hilt, Cedric Jonathan, Makeda Kumasi ආදී නැවුම් නළු නිළි කැළකගේ රංගන දායකත්වයෙන් ඔප්නැංවුණු Clickbait, Launch Over නිෂ්පාදනයක්. මිනිත්තු 80ක් පුරාවට සැරටම ත්‍රාස රසයත්, නිසි පදමට හාස්‍යයත් කැටි කරල තිළිණ කරන මේ සලරුව, හොඳම ප්‍රධාන චරිත ද්විත්වය, හොඳම සංගීතය, හොඳම සහාය නිළිය සහ හොඳම විශේෂාංග චිත්‍රපටය යනාදී ස්ථානයන් සඳහා GenreBlast Film Festival 2018, Sanford International Film Festival 2018, FANtastic Horror Film Festival 2018 සහ Starburst International Film Festival 2019 ආදී උත්සවවලදී සම්මානයටත් පාත්‍ර වුණා.

