CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3100 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Protector 2 (2013) | Tom Yum Goong 2 | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Protector 2 (2013) | Tom Yum Goong 2 | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 23, 2013Thailand104 Min.
Your rating: 0
9 1 vote
The Protector 2 | Tom Yum Goong 2 (2013) | ඇතෙක් වෙනුවෙන් දිවි පරදුවට..

පළමු වතාවට මම හින්දි සහ ඉංග්‍රීසි බාශා දෙකෙන් පිට චිත්‍රපටයකට උපසිරැසි ගැන්වීමක් කළා. හැබැයි ඒක එසේ මෙසේ ලෙහෙසි පහසු එකක් නම් නෙමෙයි. මේක තායිලන්ත චිත්‍රපටයක්. හැමෝම දන්නවා ඇතිනේ ටෝනි ජා ගැන. දක්ෂ තායි සටන් ශිල්පියෙක් තවත් දන්නේ නැතිනම් මතකද මෙන්න මේ චිත්‍රපටි කියලා බලන්න.

Ong-Bak (2003)
Ong-Bak 2(2008)
Ong-Bak 3(2010)
The Protector(Tom yum goong) (2005)
The Bodyguard (2004)
The Bodyguard 2 (2007)
මේ කියපු චිත්‍රපට වල ප්‍රධාන සටන් ශිල්පියා තමයි ටෝනි ජා කියන්නේ. ඒ වගේම ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වන Fast & Furious හී මීළඟ කොටස හෙවත් හත්වැන්නේදීත් මොහුව දැක ගන්න හැකි වේවි. මේ පුද්ගලයා තායිලන්තයේ බැංකොක් වලට 400Km ක් දුර සූරීන් නමැති ඉතාමත් ගැමි ප්‍රදේශයක ගොවි පවුලකින් පැවත එන්නෙක්. බෘස් ලී සහ ජැකී චෑන් වැනි සටන් ශිල්පීන් අනුගමනය කරමින් සටන් කලාව ප්‍රගුණ කල මොහු අද ලෝකයේ සිටින ජනප්‍රිය සහ දක්ෂ සටන් චිත්‍රපට නළුවෙක් වී හමාරයි. ඉතින් දැන් නළුවා ගැන කිව්වා ඇති මොකද මෙයා ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් එයා අද ඉපදුන කෙනෙක් වෙන්න ඕනේ. 😉

මේ චිත්‍රපටයේ පළමු වැන්න 2005දි තිරගත උනේ. ඒ කතාව සම්බන්ධ කරගෙන මේ චිත්‍රපටයත් නිර්මාණය වී තිබෙන්නේ. කලින් කතාවේ මෙහි ප්‍රධාන නළුවා වන ටෝනි රඟ දැක්වුයේ “කාම්” නමැති ඇත්ගොව්වෙක්ගේ චරිතය. ඇත්තටම ඔහු ඒ ඇතුන් තමන්ගේ සහෝදරයෝ වගේ රැක බලා ගත්තා. තායිලන්තය කියන්නේ ඇත්දළ දඩයම සරුවට කෙරීගෙන යන රටක්. ඉතින් එහි ගොදුරක් උනා කලින් කොටසේ මේ කාම් රැකබලා ගත් ඇතා සහ ඇයගේ පැටියා. ඔහුගෙන් පැහැරගත් ඇතුන් බේරගන්න ඔහු ඔස්ට්‍රේලියාව බලා පිටත් උනා. එහිදී සියලුම බාධක ජය අරන් නැවත ඒ ඇත්පැටියා තායිලන්තයට රැගෙන ආවා. අද කතාව ඒ ඇත්පැටියා සම්බන්ධවයි. වැඩේ කියන්නේ මේ සැරෙත් කාම්ගේ ඇතා පැහැරගැන්නවා. ඒ වෙනත් පරමාර්ථයකට. එකක් මේ ඇත්පැටියා සහ අනෙක කාම් කලින් ඕස්ට්‍රේලියාවේ කරපු පෙරළිය. ඉතින් මෙන්න ඔයාලට බාරයි කාම්ට මෙවර කවුරු සමඟ හැප්පෙන්න වෙයිද කියලා බලන්න. අමතක වෙනවා තව පොඩ්ඩෙන්. මේ චිත්‍රපටය තුල එක සටනක් තියෙනවා විනාඩි 12 කට වැඩිය දිගයි.

The Protector 2 (2013) | Tom Yum Goong 2 | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Protector 2 (2013) | Tom Yum Goong 2 | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Protector 2 (2013) | Tom Yum Goong 2 | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හසන්ත වික්‍රමරත්න (Baiscopelk)
IMDb 5.2 /10 7,278 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Petchtai Wongkamlao isSeargent Mark
Seargent Mark
JeeJa Yanin isPing Ping
Ping Ping
RZA isMr. LC
Mr. LC
Raiden Integra isFighter Number 19
Fighter Number 19
Kazu Patrick Tang isFighter Number 18
Fighter Number 18
Eddie Ruiz isLatino Fighter #1
Latino Fighter #1

Similar titles

Terminator 2: Judgment Day (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mazaka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Clover: Sword of the Wizard King (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 7- The Force Awakens (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hercules and the Amazon Women (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Burner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Allegiant (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Padai Thalaivan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shivam Bhaje (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King of Kotha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pacific Rim (2013)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published