Maigret’s Dead Man (2016) | මියැදුනු මිනිසා
පැරිස්නුවර සිට බොහෝ ඈත ගම්මානයක ධනවත් ගොවිපලවල්වල මංකොල්ල කෑම් සහ මිනීමැරුම් වාර්තාවෙනවා. මේ ගැන හොයන්න පැරිස් නුවර අපරාධ විමර්ෂන අංශයේ සහය පතනවා. නමුත් මේ අතරෙම පැරීසියේ වීදී ඔස්සේ දාමරිකයන් කිහිප දෙනෙක්ගෙන් බේරෙමින් පළායන පුද්ගලයෙකුගෙන් මිග්‍රේට්ට ඇමතුමක් ලැබෙනවා. ඔහුගේ ජීවිතය බේරාදෙන ලෙස ඔහු මිග්‍රේට්ගේන් ආයාචනය කරනවා. ඔහුගේ නෝනා මිග්‍රේට්ව දන්නා බවත් පවසනවා. නමුත් මිග්‍රේට්ට එවැනි මතකයක් නැහැ. මිග්‍රේට් අනෙක් වැඩ පසෙකින් තබා මොහු පිටුපස හඹායනවා. නමුත් ඒ වනවිටත් දාමරිකයෝ ක්‍රියාත්මක වෙලා. මිග්‍රේට්ට හමුවෙන්නේ ඔහුගේ මළ සිරුරයි. මොහු කවුද? ඒ අස්සේ ගොවිපලවල් මංකොල්ල කන්නේ කවුද? ෆිලුම බලලම මේ ටික හොයාගන්නකෝ. කලින් කතා වගේම මේකත් බොහෝම කුතුහලයෙන් බලන්න පුළුවන්.
Share
Links
Comments
April 21, 2023
July 22, 2023

