EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Portable Door (2023) | සිංහල උපසිරැසි සමඟ
ලන්ඩනයේ අත්භූත සමාගමක් තියෙනවා JW වෙල්ස් සමාගම නමින්. ඔවුන්ගේ කාර්යය මොකක්ද කියලා පැහැදිලි නැතත්, ඔවුන් ඉතා ජනප්‍රිය සහ වැදගත් කාර්යයන් කරනවා කියලා තමයි කියන්නේ. පෝල් කාපෙන්ටර්, මේ සමාගම සමඟ ඒකතු වෙන්නේ ඉතා අහම්බයකින්. එහිදී පෝල්ට මුණ ගැහෙනවා, ඔහු වගේම පුහුණු වෙන තනතුරකට ආපු සොෆීව. සමාගමේ සභාපතිතුමා පෝල්ට භාර දෙන්නේ භාරදූර කාර්යයක්. ඒ් නැති වුණු දෙයක් හොයන්න. මේ මායා ලෝකයක සිදුවන ක්‍රියාවන් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.
සාමාන්‍ය මායා ලෝකයක, කල්පිත සිදුවීම් අලලා කෙරෙන චිත්‍රපටි වලට වඩා වෙනස් මුහුණුවරක් අරගෙන තියෙන චිත්‍රපටියක් තමයි මේ. සුපිරි බල, සුපිරි මායාවන්, පිශාචයෝ (ගොබ්ලින්ස්) සමඟින් චිත්‍රපටිය ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. එක දිගට බලන්න පුළුවන් කතාවක් තමයි මේ.






