EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKuntilanak (2018) | “යක්ෂ ආත්මය”
ඉන්දුනීසියානු හොල්මන් චිත්‍රපටියක් වෙන Kuntilanak කියන චිත්‍රපටියටයි. හොල්මන් චිත්‍රපට රසිකයෙක්නම් ඔබ මඟහැර නොගෙන බලන්නම් ඕන චිත්‍රපටියක් තමයි මේක. මොකද මාත් මේ චිත්‍රපටිය බලද්දී සමහර කොටස් වලදී පපුව රත් වෙන්නම බය වෙච්ච අවස්ථා කිහිපයක්ම තිබුණා. IMDB අගය 4.3 ක් වගේ මේකට ලැබිලා තියෙනවා. 2006 දී මෙනමින්ම නිර්මාණය වෙච්ච චිත්‍රපටියේ සමහර කොටස් මේකෙදි ප්‍රති නිර්මාණය කරලා තියෙනවා. NETFLIX ආයතන නිර්මාණ කටයුතු සිදු කරලා තියෙනවා. ළමා නිවාසයකින් රැක බලාගන්න අරගත්තු කුඩා දරුවන් පිරිසක් මේ කුන්තිලිනක් කියන යක්ෂ ආත්මය පලවා හරින්න ගන්න බලවත් උත්සාහයක් මේ චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්. දැනට චිත්‍රපටි 3 ක් මේ හා සම්බන්ධව නිර්මාණය වෙලා තියෙනවා.
දැනුමට: කුන්තිලිනක් කියන්නේ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වගේ රටවල ජනප්‍රවාදේ පැවතගෙන එන මිත්‍යා යක්ෂණියක්. තමන්ගේ දරුවන් දකින්න බැරුව කුස තුලම මැරුණු කාන්තාවකගේ ආත්මය මේ නමින් හඳුන්වනවා. හරියට සදාකෝ කියන ජපාන යක්ෂ ආත්මය වගේ. ලංකාවෙත් මේ වගේ පොඩි මිත්‍යාවක් තියෙනවා. හැබැයි මේකෙදි මේ ආත්මය කරදර කරන්නේ දරුවන්ට.


