EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Seetharama Kalyana (2019) | සීතාගෙයි රාමාගෙයි විවාහය

ආර්‍යා කියන්නේ පොහොසත් පවුලක කොල්ලෙක්. ගීතා කියන්නේ ගමක ලොකු පවුලක කෙල්ලක්. තාත්තාට පණ වගේ ආදරේ කරන ඇය තාත්තගෙ වචනෙන් එපිටට යන්නේ නෑ. ඉතිං ආර්‍යා මේ ගමට ආපු වෙලේක ඇයව හම්බවෙලා ඇය ගැන කැමැත්තක් ඇති වුනත් ඇයව යාළු කරගන්න පුළුවන් ජාතියේ කෙනෙක් නොවෙන බව වැටහෙනවා.

කොහොමෙන් හරි පසු කාලයේදි ආර්‍යට මැයව ඔහුගේ නගරයෙදි හම්බවෙනවා. මොවුන්ගෙ මිත්‍රත්වය නිසා ආර්‍යා මැය එක්ක ටච් එකේ ඉන්නවා. ඒත් ආදරේකට පටලගන්න නම් බෑ මැයව. ඔහොම ඉන්නකොට මේ දෙන්නා අතරෙ සම්බන්ධයක් තියෙනවා කියලා ගෙදර අය වැරදියට තේරුම් ගන්නවා. පස්සෙ හොයලා බලනකොට මෙයාලගෙ පසුබිම් වෙනස්ම මට්ටමක ඒවා.. ඒ කියන්නේ අතීත කතා බොහෝමයකට සම්බන්ධ පවුල් දෙකක් තමයි මෙයාලට තියෙන්නේ. රොමෑන්ස් කොමෙඩි කථාව මේ අතීත කථා එක්ක ඇක්ශන් කාණ්ඩයට අවතීර්ණ වෙනවා.

ඉතිං ආර්‍යට මේ ගීතාව යාළු කරගන්න පුළුවන් වෙයිද? මේ පවුල් අතරෙ මොන වගේ සිඳුවීමක්ද තියෙන්නේ?
ඇයි මේක ඇක්ශන් කාණ්ඩයට පෙරලුනේ?

මේවා දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

Comments