EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Selfiee (2023) | “හොඳම රසිකයා”

ඕම් ප්‍රකාශ් කියන්නේ බෝපාල් වල RTO ඉන්ස්පෙක්ටර්.. මෙයාගේ දෙවියා තමයි සුපිරි නළු විජේ කුමාර් කියන්නේ.. ඕම් ප්‍රකාශ් මේ විජේ කුමාර්ට ගොඩක් ආදරේ සහ ගෞරව කරනවා.. දවසක් විජේ රූගත කිරීමකට බෝපාල් වලට එනවා.. රූගත කිරීම් අවසරයක් ගන්න විජේට එයාගේ රියදුරු බලපත්‍රය ඕන වෙනවා.. ඒත් අවුල කියන්නේ ඒක එයාගේ අතින් නැති වෙලා.. ඔන්න ඔය වෙලාවේ තමයි සුපිරි තරුව විජේට, අපේ RTO ඉන්ස්පෙක්ටර් ඕම්ගේ උදව් ඕන වෙන්නෙ..ඕම් කියනවා මං සර්ට මේ වැඩේ කරලා දෙන්නම්.. ඒත් මට සර්ගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා කියලා.. ඒ ඉල්ලීම තමයි “සෙල්ෆියක්” 🙂♥️ ඒ හරිම අහිංසක ඉල්ලීම හිතේ තියාගෙන අපේ ඕම් ප්‍රකාශ් RTO ඔෆිස් එකේ ඉද්දි, එතනට එන සුපිරි තරුව විජේ කුමාර්ගෙන් එයාට ලැබෙන්නේ බලාපොරොත්තු නොවුන අතිශය නරක සැලකිල්ලක්..ඔන්න ඔතන ඉදන් තමයි අපේ විජේ කුමාර් සුපිරි තරුවයි, එයාගේ ලොකුම රසිකයා ඕම් ප්‍රකාශ්ගෙයි ආදරණිය යුද්දය පටන් ගන්නේ..

Comments