CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4370 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 06, 2013United States119 Min.
Your rating: 0
9.3 12 votes
47 Ronin (2013) | අභිමානයෙන් මිය යා යුතුය..

පුරාණ වැඩ වසම් ජපානය තුළ, අභිරහස් වලින් වැසී ගිය භූමියක් තිබුණා. එම භූමිය තුළට පිටස්තරයින්ට පැමිණීම තහනම් උණා. මායාකාරී දූපත් සමුදායකින් හෙබි මේ භූමිය මායාකාරියන්ට සහ යක්ෂයින්ට නිවෙස උණා. එය හැඳින්වූයේ ටෙන්ගු වනය නමිනුයි. මෙකල ජපානය පාලන කිරීමේ පුරෝගාමියා වූයේ සෝගන් වරයායි, ඔහුගේ අභිප්‍රායන් සීමා රහිත උණා. මෙම ජපාන රාජධානියේ සාමය ආරක්ෂා කළේ සමුරායි වරු විසිනුයි. මෙම සමුරායිවරු අතිදක්ෂ කඩු සරඹ කරුවන්. ඔවුන්ගෙ කාර්යය උණේ සෑම දෙයක්ම කැප කර හෝ ඔවුන්ගෙ ස්වාමියා සහ ඔවුන් ජීවත් වන භූමිය ආරක්ෂා කිරීමයි. සමුරායි වරයෙකුට ඔහුගෙ ස්වාමියා ආරක්ෂා කිරීමේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට නොහැකි වුවහොත් ජපාන සමාජය තුළ ඔහුට අති මහත් ලැජ්ජාවකින් යුතුව ජීවත් වීමට සිදු වෙනවා. එවන් පුද්ගලයෙක්ව හඳුන්වන්නේ “රොනින්” වරයෙක් ලෙසයි

මේ රොනින් වරු 47 දෙනා පිළිබඳ කතාව දැන ගැනීමට නම් ජපානය තුළ සිදු වූ සිදුවීම් පිළිබඳ සම්පූර්ණ කතාවම දැනගතයුතු වෙනවා. මේ කතාව ඇරඹුණේ පිරිමි ළමයෙකුගෙන්. කවුරුත් දැනන් හිටියෙ නෑ ඔහු පැමිණි දිහාව ගැන හෝ ඔහු මේ “ආකෝ” දිවයිනට ආවෙ කොහොමද කියලා සමහරුන් කිව්වා ඔහු තිරිසනෙකුටත් වඩා හොඳ ශක්තිවන්තයෙක් කියලා. ගොඩක් අය විශ්වාස කළේ ඔහු ඇතැදැඩි උණේ “ටෙන්ගු” හිදි කියලා. එය තමයි යක්ෂයින්ගේ වනාන්තරය. එහිදී ඔහු අඳුරු බලයන් සහ මිනීමැරීම් කලාව ගැන දැනුම ලබාගෙන ඇති බවට විශ්වාස කළා. ඔහු එතනින් පැන ඒමට පෙර, ඔහුව යක්ෂයා විසින් සලකුණු කරනු ලැබ තිබුණා. ඔහු ටෙන්ගු වනයෙන් පැන ඇවිත් ආකෝ නගරයේ වංශාධිපතියා වන අසානෝ ගෙ රැකවරණය යටතේ ජීවත් උණා. නමුත් අසානෝගේ අල්ලපු පළාතේ ඉන්න කීරා නැමති දුෂ්ට වංශාධිපතියගෙ කූට උපක්‍රමයක් නිසා අසානෝට මරණ දණ්ඩනය හිමි වෙනවා. ඔහුගේ ආරක්ෂාවට සිටි සමුරායිවරුන්ට ඔහුව බේරාගන්න නොහැකි වීම හේතුවෙන් “රොනින්”වරු බවට පත් වෙනවා. ඒ වෙනකොට අර පිරිමි ළමයා වැඩිහි‍ටියෙක්. ඔහුගෙ නම කායී. අසානෝ ගෙ මරණයෙන් පසුව කීරා විසින් මේ කායීව වහලෙක් ලෙස විකුණා දමනවා.. අසානෝ වංශාධිපති තුමාගේ ප්‍රධාන සමුරායි වරයා වන ඔයිෂි සිරගෙට නියම වෙනවා. අනෙක් සමුරායිවරුන් සියලු දෙනාවම පිටුවහල් කරනු ලබනවා.

ඔන්න යාළුවනේ. මේ පාර ඔයාලට අරගෙන ආවේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තැබූ තවත් සුපිරිම චිත්‍රපටියක්. IMDb වෙබ් අඩවියේ 6.5/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතර 29 වැනි ස්ථානය ලබා ගන්න සමත් වෙලා තියෙනවා. 2013 දෙසැම්බර් 27 වනදා ඇමරිකාවේ තිරගත වීම ඇරඹුණ මේ චිත්‍රපටිය තිරගතඋන මුල් සතියෙ විතරක් ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් උපයාගෙන තිබුණා. මෙහි ප්‍රධාන චරිතය වන කායී හෙවත් අඩවර්ගිකයාගෙ චරිතය රඟ දක්වන්නේ Matrix චිත්‍රපටි මාලාවේ ප්‍රධාන චරිතය රඟ දැක්වූ සුපිරි නළු Keanu Reeves විසිනුයි. ක්‍රියාදාම, විකුමාන්විත හා අත්භූතජනක ගණයට ගැනෙන මේ සුපිරි සිනමා සලරුව සම්මාන තුනකට නාම යෝජනාත් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
ඉතින් යාළුවනේ.. ඇත්තටම මේ කායි, අඩවර්ගිකයෙක් ලෙස හැඳින්වෙන්නේ ඇයි? ඔහු කොහෙන් ආපු කෙනෙක්ද? ඔහු ආකෝ දිවයිනට එන්නෙ කොහොමද? කීරා ගෙ දුෂ්ට කුමන්ත්‍රණය හෙළි කරගන්න රොනින් වරුන්ට හෝ කායී ට හැකි වේවිද? මේ රොනින් වරුන් කීරාගෙන් පළි ගනීවිද? කවුද මේ රොනින් වරු 47 දෙනා? කායී ත් සමුරායි වරයෙකු හෝ රොනින් වරයෙක් බවට පත් වේවිද? කියලා කතාව බලලම දැනගන්න.

47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිනිඳු සම්පත් (Baiscopelk)
IMDb 6.2 /10 164,424 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Christmas Carol (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weapons (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinkhole (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
The Deer Hunter (1978) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhoom 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Assassin (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Costao (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Watcher (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oz the Great and Powerful (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Amateur (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published