EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The One (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:James Wong, Lina Shanklin, Richard Graves
Cast
Go Full Cast PageThe One (2001) | මමයි රජා.
ජෙට් ලී රගපාන නියම ෆිල්ම් එකක්. ඒ තමයි The One (2001). IMDB අගය 5.9 ලබාගෙන තියෙනවා. පාසල් යන කාලෙ VCD එකක් විදිහට තමා මුලින්ම බැලුවෙ. බලපු නොබලපු හැමෝම වෙනුවෙන් ඒකට සිංහල උපසිරැසියක් කරන්න ඕනෙ කියල තීරණය කළා. ඔහෙනම් මෙන්න මේකයි කථාව.
මේකෙදි කියන්නෙ අපි ජීවත් වෙන විශ්වයට අමතරව තවත් සමාන්තර විශ්වයන් ගොඩාරියක් තියෙනවාලු. ඒ හැම එකකම අපි වගේම එක්කෙනෙක් ජීවත් වෙනවාලු. ගේබ්‍රියෙල් යූලෝ කියන්නෙ එහෙම එක්තරා විශ්වයක ඉන්න කෙනෙක්. මෙයාට ඕන වෙන්නෙ අනෙක් සමාන්තර විශ්වයන්හි ඉන්න ඔහු වැනි අයව විනාශකරල හැම විශ්වයටම තමුන් පමණක් වීමටයි. ඒ විදිහට 123 දෙනෙක් විනාශකරල අවසානයේ ඔහුට හමුවන අවසන් ප්‍රථිවාදියා වෙන්නෙ ගේබ් ලෝ. ඔහු පොලිස් නිළධාරියෙක්. හැබැයි මේ දෙන්නම ශක්තියෙන් එක හා සමානයි. ඔය අස්සෙ යූලෝව අල්ලන්න හැම විශ්වයන්ටම පොදු පොලිස් ඒකකයක නිළධාරීන් දෙන්නෙකුත් එනවා. ඉතිං ඒ දෙන්නාට යූලෝව අල්ලගන්න පුළුවන් වෙයිද? යූලෝ සහ ගේබ් ලෝ යන දෙන්නාගෙන් කවුරු දිනයිද කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. ජෙට් ලී, කැර්ලා ජුජීනෝ, ජේසන් ස්ටැතම් යන අය තමයි රංගනයෙන් දායක වෙන්නෙ.











