EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageRenfield (2023) | අන්ධකාරයේ කුමාරයාගේ සේවකයා! [
ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ප්‍රබන්ධිත හොල්මන් කතා චරිතය කවුද කියලා මම ඇහුවොත් ඔයාලා මොකද කියන්නේ ? සැකයක් නෑ වයස් බේදයකින් තොරව ලොව පුරා වැඩිහිටි පොඩිහිටි සැවොම භීතියට පත් කල ඒ අසහාය චරිතයේ නම තමයි “ඩ්‍රැකියුලා.” එදා මෙදා තුර ප්‍රබන්ධිත ග්‍රන්ථ, වේදිකා නාට්‍ය, නිහඬ සිනමා පට, නවීන චිත්‍රපට සහ රූපවාහිනි කතාමාලා යන සියල්ලටම පාදක උන මෙතෙක් ලෝකයේ සිටින වඩාත්ම බලගතුම දුෂ්ටයා කියලත් ඩ්‍රැකියුලාව හදුන්වන්න පුළුවන්. ඉතිං අද මේ අරගෙන ආවේ ඩ්‍රැකියුලා චරිතය පාදක කරගෙන නිපදවපු සලරුවයි. ඒත් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය ඩ්‍රැකියුලානම් නෙමෙයි. මේ කතාව පාදක වෙන්නේ ඩ්‍රැකියුලා සිටුවරයගේ සේවකයා වෙන “රෙන්ෆීල්ඩ්” වටා බව ඔයාලා දැනටමත් දන්නවා ඇති.
1897 දී අයර්ලන්ත ජාතික ගත්කතුවරයෙක් වෙන ඒබ්‍රහම් ස්ටෝකර් එහෙනම් නැත්තම් හැමෝම දන්න විදියට බ්‍රෑම් ස්ටෝකර් තමයි ප්‍රථම වරට ඩ්‍රැකියුලා චරිතය ආශ්‍රයෙන් ග්‍රන්ථයක් රචනා කරන්නේ. ඒ වගේම ලොව පුරා ඩ්‍රැකියුලා උන්මාදයක් ඇති වෙන්න හේතුවෙන්නෙත් ස්ටෝකර් මහත්මයගේ මේ පොත තමයි. ඩ්‍රැකියුලාට අමතරව ජොනතන් හාකර්, මීනා මරේ, වෑන් හෙල්සින්, ජෝන් සේවඩ්, කුවෙන්සි මොරිස්, ආතර් හෝම්වුඩ්, ලූසී වෙස්ටෙන්රා සහ රෙන්ෆීල්ඩ් යන චරිතත් ලොව පුරා සීග්‍රයෙන් ජනප්‍රිය උනා. අපේ රටෙත් මේ පොත ඇසුරින් කල පරිවර්තනයන් ගොඩක් ප්‍රසිද්ධ උන නිසා හැමෝම වගේ ඩ්‍රැකියුලා නවකතාව කියවලා ඇති බව මම හිතනවා. ඉතිං මේ රෙන්ෆීල්ඩ් කියන අතුරු චරිතය ඇසුරු කරගෙන නිර්මාණය කරපු නවතම සිනමාපටය නරඹන්න.











