EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Peter Pan & Wendy (2023) | පීටර් පෑන් හා වෙන්ඩිගේ වික්‍රමාන්විතය…

මෙහි අධ්‍යයක්ෂණය Pete’s Dragon (2016) සිනමාපටයේ අධ්‍යක්ෂක David Lowery විසින් කර ඇති අතර කතා රචනයත් ඔහු ඇතුළුව Toby Halbrooks සහ J.M. Barrie විසින් සිදු කර තිබෙනවා. පීටර් ලෙස සිනාමාවට නවක ළමා නළු Alexander Molony ද, වෙන්ඩි ඩාලිං ලෙස Black Widow (2021) සිනමාපටයේ ළමා වියේ නටාෂා රමනොව් ලෙස රංගනයේ යෙදුණු Ever Anderson ද, කැප්ටන් හුක් ලෙස Jude Law ද රංගනයෙන් හවුල් වෙනවා.

පීටර් පෑන් ගැන නොදන්න කෙනෙක් ඉන්නවා ඇති කියලා හිතන්නෙ නෑ. නෙවර්ලෑන්ඩ්වල ටින්කර්බෙල් සහ අතරමං කොල්ලො ටිකක් එක්ක ජීවත් වෙන, කැප්ටන් හුක් සහ ඔහුගේ නැවේ මුහුදු කොල්ලකාරයො සමග නිතරම සටන්වදින කවදාවත් ලොකු මහත් නොවෙන ළමයා. දැන් මතක් වෙන්න ඇති නේද?

ඉතින් අපි කතාව දිහා පොඩ්ඩක් බැලුවොත් වෙන්ඩි කියන්නේ මල්ලිලා දෙන්නෙක්ගේ අක්කා කෙනෙක්. එයාට සිද්ධ වෙනව බෝඩිං පාසලකට යන්න. හැබැයි තමන්ගේ මල්ලිලා එක්ක සෙල්ලම් කරන්න ආස, ළමයෙක් විදිහට ඉන්න කැමති ඇය යන්න කැමති නෑ. කොටින්ම ලොකු වෙලා වැඩිහිටියෙක් වෙන්නත් කැමති නෑ වෙන්ඩි. ඉතින් පාසලට යන්න තියෙන දවසට කලින් දවසේ රෑ මේ දේ වෙන්ඩි කියනවා හැමෝටම. එදා දවසේ රෑ තමයි වෙන්ඩිගෙ ජීවිතේම වෙනස් වෙන්නේ. ඔව්, වෙන්ඩිගේ ආසාව ඉෂ්ට කරන්න පුලුවන් කෙනෙක් එදා රෑ වෙන්ඩිව හොයාගෙන එනවා. ඒ තමයි පීටර් පෑන්. එතනින් එහාට මොනව වෙයිද කියලා මම කියන්න යන්නේ නෑ ඔයාලට. ඔයාලම බලලා හොඳ නරක මොනවද කියලා කියාගෙන යන්න.

Comments