EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Human Centipede (First Sequence) (2009) | උමතු දොස්තර. (18+)
ඉතාම කෙටි කාලයකින් ලොකු නරක ප්‍රසිද්ධියක් ලබපු ගොඩක් කතාබහට ලක් වුණ horror චිත්‍රපටියක් අරගෙන තමයි ආවෙ. වැඩිය ලේ නම් පෙන්නන්නෙ නැ. ඒත් මේක බිහිසුණු චිත්‍රපටි අතර ඉහළටම ගිහිල්ල තියනවා. නොදී ඉන්න හදල ගොඩක් ප්‍රසිද්ධ වුණ චිත්‍රපටියක් නිසා කැමති කෙනෙක්ට බලන්න දුන්නොත් හොදයි කියල හිතුණ. trailer එක අනිවාර්යෙන්ම බලන්න. ඒක බැලුවම චිත්‍රපටිය ගැන අදහසක් ගන්න පුළුවන්. බලන්න පුළුවන් කියල හිතෙනව නම් විතරක් අරගෙන බලන්න. මේ චිත්‍රපටියට අදහස අරන් තියෙන්නෙ දෙවන ලෝක යුද නාසි වෛද්‍ය පරික්ෂණ වලින් කියල තමයි තිබුණේ.
කතාව සරලයි, ජර්මනියේ සංචාරයක යන ගෑනු ළමයි දෙන්නෙක් කැලේක අතරමං වෙලා “ජොසෆ් හයිටර්” කියන දොස්තරගෙ ගෙදරට යනවා. ඒ දොස්තර විශ්‍රාමික නිවුන් දරුවන් වෙන් කිරීම පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. එයා තුන් දෙනෙක් එකට බද්ධ කරන සැත්කමක් කරන්න කට්ටිය හොයන වෙලාවක තමයි අවසනාවට මෙයාලත් ගිහින් ඒ ගෙදරට තට්ටු කරන්නෙ. කැමති කෙනෙක් අරගෙන බලන්න එහෙනම්.
line වැඩිය නැති නිසා සබ් එක කරන්නම් සුලු වෙලාවක් තමයි ගියේ. IMDB අගය 4.5 ක්, ඡන්ද 42 781 කින්. ලකුණු 6,7,8,9,10 බැගින් ඡන්ද 16 020 කුත්, ලකුණු 5 බැගින් ඡන්ද 6227 කුත්, ලකුණු 1,2,3,4 බැගින් ඡන්ද 20 534 කුත් ලැබිල තියෙනවා. නෙදර්ලන්ත රටේ නිෂ්පාදනය උණ මේ චිත්‍රපටිය ඇමරිකාවෙ තිරගත කිරීමෙන් ඩොලර් 181 467 ක්ද ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් 252 207 කුත් උපයල තියෙනවා. 2010 ඔක්තෝබර් වල චිත්‍රපටියේ DVD, BR නිකුත් වී පළමු වසර තුළ ආදයම ඩොලර් 2 113 181.
මේක තිරගත වන අතර සමහර ප්‍රේක්ෂකාගාර වල අය වමනය දමන්නට සැරසුණ බවත්, සමහර ප්‍රේක්ෂකාගාර හයියෙන් සිනාසෙන්නටත්. සමහර ප්‍රේක්ෂකාගාර වලින් කතාබහක් ඇතිවුණ බවත් කියවන්න ලැබුණා.







