CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1996 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [NO Ads]
The Mother (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Mother (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 04, 2023United States115 Min.
Your rating: 0
6 5 votes
The Mother (2023) | අත් (නො)හල මව් සෙනෙහස

මේ ලෝකෙට බිහි වෙන මිනිසුන් වේවා, සතුන් වේවා, සෑම සියලු දෙනාටම තමන්ගේ අම්මා එක්ක තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. කලාතුරකින් අහන්න දකින්න වෙන සමහර සිද්ධීන් ඇරුනාම, මම හිතන්නේ මේ ලෝකේ පූජනීයම පදවියක් විදිහට මව් පදවිය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තමයි පියවරුන්ට වඩා මව් වරුන් ගැන කවි, ගී ලියැවෙන්නේ. සිනමාව අතින් ගත්තමත් ඉතින් ලොකු වෙනසක් නැහැ. ඒකට තවත් එක උදාහරණයක් තමයි මම මේ අද ඔයාලට අරන් එන්නේ.

චිත්‍රපටයේ නම The Mother (2023). සිංහල තේරුම ඉතින් කියනන් දෙයක් නැහැ නේ. මැයි 12 වෙනිදා නිකුත් වූ මේ චිත්‍රපටය මගේ 53 වෙනි උපසිරැසිය විදිහට මං ඔයාලට අරන් එන්නේ මැයි 14 වෙනිදා, ඒ කියන්නේ ලෝක මව්වරුන්ගේ දිනය දවසේ. ඒකත් පොඩි වෙනසක් නේද?

කතාව ගැන ලොකු දෙයක් කියන්න අදහසක් නැහැ. කෙටියෙන් කිව්වොත් තමන්ට දාව ඉපදුන, වෙන කෙනෙක් ළඟ හැදෙන වැඩෙන දුවෙක්ව, ඒ ඇත්ත අම්මා පරිස්සම් කරන්න ගන්න උත්සාහය තමයි මේ කතාවෙන් කියවෙන්නේ. Mystery/Adventure කාණ්ඩයන්ට වැටුනත් මට නම් මේක මුල ඉඳන්ම ක්‍රියාදාම චිත්‍රපටයක්. ඒ නිසා කම්මැලි නැතුව බලන්න පුලුවන්. මම දන්නවා ගොඩක් අය ආසයි කියලා ක්‍රියාදාම චිත්‍රපට බලන්න.

ඉතින් මේ කතාවේ අම්මාට ඉන්නේ අපි හැමෝම දන්නා සරාගී නිලි Jennifer Lopez. අතිශය සටන්කාමී සහ සංවේදී චරිතයක් ඇය විසින් මේ චිත්‍රපටයේ නිරූපණය කරනවා. එතකොට දුවට (සෝයි) ඉන්නේ Lucy Paez. මීට අතිරේකව විලියම්ගේ චරිතය Omari Hardwick විසින් සහ ඒඩ්‍රියන්ගේ චරිතය Joseph Fiennes විසින් රඟපානු ලබනවා.

චිත්‍රපටය එළි දැක්වෙන්නේ Netflix හරහායි. චිත්‍රපටයේ IMDb අගය 5.4 ක් සහ Rotten Tomatoes අගය 45% ක් විදිහට මේ වෙනකොට වාර්තා වෙනවා. චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ Niki Caro විසින්. විශේෂයෙන් කියන්න ඕන මේක නිෂ්පාදනය කරන්න ප්‍රධාන චරිතය රඟපාන Jennifer Lopez දායක වෙලා තියනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චාමිකර විදානගේ (චාමි) (Baiscopelk)
IMDb 5.4 /10 2,224 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Fahim Fazli isAfghan Hammam (uncredited)
Afghan Hammam (uncredited)
Michael Karl Richards isZoe's Adopted Dad
Zoe's Adopted Dad
Saif Mohsen isMohamed (uncredited)
Mohamed (uncredited)

Similar titles

Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sixth Sense (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taxiwala (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mukunda (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nobody (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
C U Soon (2020) Sinhala Subtitles
Skyscraper (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dushman (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adanga Maru (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Adverse (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Way Out (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published