EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Land (2021) | කඳුකරයේ හුදකලා වී.. (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, දඩයමක් කරගෙන ඉන්න තියනව නම් කොහොමද? ඇත්තටම එහෙම හිතෙන අය ඕන තරම් ඉන්නව. ඒත් ඒකට ආස උනත් ගිහින් ඉන්න එක හිතන තරම් ලේසි නෑ. මං කියන්නෙ වටේ පිටේ කව්රුත් නැතුව, ෆෝන් එකක්, වහනයක් එහෙම නැතුව ඉන්න එක ගැන හරිද. ජීවිතේ තමන්ට සිද්ද උන දේවල් එක්ක ජීවිතය ගැන කලකිරිලා අර මං කලින් කිව්ව වගේ ජීවිතයක් හොයන් යන කෙනෙක් තමා එඩී කියන්නෙ. නම පිරිමි කෙනෙක් වගේ උනාට එඩී කියන්නෙ ගැහැණු කෙනෙක්. නගරෙ ජීවිතේට හුරු වෙලා කාත් කව්රුත් නැතුව අර විදිය ජීවිතයක් ගෙවන්න කියල හිතන් ආව එඩීට මුහුණ දෙන්න වෙන්නෙ තුන් හිතකින් වත් හිතුවෙ නැති දේවල් වලට. ඉතින් එඩීට ඒක කරන්න පුළුවන් වෙයිද? එයාට මුහුණ දෙන්න උන දේවල් මොනවද කියල ෆිල්ම් එක බලලම දැනගමු නේද?

2021 වසරේ එළිදක්වපු මේකෙ ප්‍රධාන චරිතය වෙන එඩී ගෙ චරිතය කරන Robin Gayle Wright තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙත්. ඔය Wonder Women, Justice League එකේ එහෙම එහෙන් මෙහෙන් හිටිය මෙයා. ඒ වගේම මේක තමා එයාගෙ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය. කුළුදුල් උනාට මොකද මේ සිනමාපටයට ලැබුණු ප්‍රතිචාර තියෙන්නෙ ගොඩක් ධනාත්මක මට්ටමේ. ඒ වගේම කියන්න ඕනෙ මේ ෆිලුම රූගත කිරීම් කරල තියෙන්නෙ කැනඩාවේ ඇල්බෙටා කියන ප්‍රදේශයේ. ඔයාලට සමහර වෙලාවකට හිතෙයි ග්‍රීන් ස්ක්‍රීන් එකක් ඉස්සරහ රඟපානවා කියල. ඒ තරම් මේක රූගත කරපු ස්ථාන ලස්සනයි.

මේක කැටගරි වෙන්නෙ Adventure/Drama ගණයට. ඒත් පොඩි Survivor ගතියකුත් තියනවා මොකද එඩී ජීවිතය බේරගන්න කරන දේවල් තියන නිසා. කතාව පොඩ්ඩක් ස්ටෝරි විදියට තමා ගලාගෙන යන්නෙ. ඒ නිසා ට්‍රේලර් එක එහෙම බලල බාගන්න. සංවේදි තැන් ටිකකුත් තියනව අන්තිමට එහෙම. ඔයා සංවේදි කෙනෙක් නම් ෆිලුමේ අන්තිමට ඔයාට අනිවාර්යෙන්ම දුක හිතෙයි. 18+ දැම්මෙ පොඩි පොඩි සිද්දියක් දෙකක් තියන නිසා. ලොකු කේස් එකක් නෑ.

Comments

September 11, 2025

🤩

September 12, 2025

Lssn kthawk ❤️❤️