EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Solo: A Star Wars Story (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aimee Hall, Andrew Richards, Andy Madden, Annabelle Le Gresley, Ashley Wild, Ben Quirk, Benjamin Parry, Bradley James Allan, Catherine Laine, Clare Glass, Daire Glynn, David Keadell, Dominic Fysh, Donald E G Bentley, Emily Thomas, Emma Baker, Fintan O'Brien, Glen Carroll, Jacob Wood, James J. Reid, Joey Coughlin, John Swartz, Katharina Hofmann, Kingsley Hoskins, Laura Miles, Lori Emily Brown, María Herrera Badía, Maria Moss, Mark Cockren, Marlon Beyer Rieger, Óscar Santamaría, Robert Madden, Ron Howard, Roxanne Cuenca, Sarah Lawrence, Scott Bunce, Sharon Mansfield, Sheila Waldron, Simon White, Sophie Roberts, Stephanie Jolly, Susie Jones, Thomas Bentley, Toby Hefferman, Tom Edmondson, Vanluke Watson
Cast
Go Full Cast PageSolo : A Star Wars Story (2018) | නිදහස සොයා.. තරු අතරට!
Solo: A Star Wars Story ලෙස නම් කර ඇති මේ චිත්‍රපටය Han Solo නම් ස්ටාර් වෝර්ස් හි එන චරිතය මුල් කරගනිමින් නිර්මාණය වුනු චිත්‍රපටයක්. මම හාන් සෝලෝ කියන්නේ කවුද කියන එක ගැන විස්තර කියන්න යන්නේ නැහැ, ඔබ ස්ටාර් වෝර්ස් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔහුව හඳුනනවා ඇති. මේ කතාව නිර්මාණය වන්නේ හාන් සෝලෝ ගේ තරුණ අවදිය මුල් කරගනිමින්. සාරාංශයක් වශයෙන් කරුණු කැටි කළොත්, කෝරේලියා නම් ග්‍රහ ලොව මංකොල්ලකාර රැජිණක් වූ ප්‍රොක්සිමා ආර්යාව සෙවණේ හැදී වැඩුනු හොරෙක් වුනු සෝලෝගේ සිහිනය වුනේ පියාසර නියමුවෙක් වී තාරකා අතර සැරිසරන්නයි. ඒ වෙනුවෙන් එයාගේ පෙම්වතිය කීරාත් සැදී පැහැදි සිටිනවා. ඔවුන් කෝරේලියාවෙන් පැන යන්න උත්සහ කරන අවස්ථාවේදී ආරක්ෂකයින් විසින් කීරා ව අල්ලා ගන්නා අතර හාන් පමණක් කෝරේලියාවෙන් පැන යනවා. පසුව අධිරාජ්‍යයීය හමුදාවේ ගුවන් නියමුවෙක් විදියට අවුරුදු තුනක් තිස්සේ ඔහු පුහුණු වන අතර ඔහුගේ එකම අරමුණ වන්නේ, ආපහු තම පෙම්වතිය කීරා සොයා කෝරේලියාවට යාමයි.
ඒ වෙනුවෙන් හමුදාවෙන් පැනගොස් හොරු කණ්ඩායමක් සමඟ එකතු වන්නේ, කොඇක්සියම් නම් අධ්‍යාවකාශ ඉන්ධන සොරකම් කර තමන්ට ලැබෙන කොටසෙන් තමන්ගේම කියා යානයක් මිලදී ගැනීමේ ආසාවෙන්. නමුත් ඒ වැඩේ අසාර්ථක වන්නේ එන්ෆිස් නම් තවත් මංකොල්ලකාරයෙකුගේ මැදිහත් වීම නිසාවෙන්. මේ හොර කණ්ඩායමට මේ වැඩේ බාර දී තිබෙන්නේ ක්‍රිම්සන් ඩෝන් නම් අපරාධ කණ්ඩායම විසින්. ස්ටාර් වෝර්ස් ප්‍රේක්ෂකයින්ට ඒ නම එච්චර නුපුරුදු නැතිව ඇති. තමන්ට ගැලවීමක් නැති බව දැනගන්නා මොවුන් ක්‍රිම්සන් ඩෝන් ඉහළ නිළදාරියෙකු වන ඩ්‍රයිඩන් වෝස් හමුවට යන්නේ, මෙය සමථයකට පත් කරගැනීමේ අරමුණින්. නමුත් නොසිතූ නොපැතූ අයුරින්, එහිදී හාන්ට ඔහුගේ පෙම්වතිය කීරාව මුණ ගැහෙනවා. ඒ ක්‍රිම්සන් ඩෝන් වෙනුවෙන් තම ජීවිතය වුව ද කැප කිරීමට සූදානම් ලුතිනන්වරියක් විදියට. ඉතින් මේ ඇති කතාව ගැන කිව්වා. Alden Ehrenreich හාන් සෝලෝගේ චරිතයට පණ පොවන අතර සුප්‍රසිද්ධ ඩැනේරිස් ටාගේරියන්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි මකර රැජිණගේ චරිතයට පණ පොවන Emilia Clarke කීරා ගේ චරිතයට පණ පොවනවා. ඊට අමතරව Donald Glover, Thandie Newton, Woody Harrelson වැනි සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් රංගනයෙන් දායකත්වය දක්වනවා. Ron Howard විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය මිනිත්තු 132 ක කාලයක් පුරා දිවෙනවා. ඉතින් හැමෝටම අරාධනා කරනවා තාරකා යුද්ධයේ නවතම පෙළහර අත්විඳින්නට.











