CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4448 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 03, 2016India130 Min.
Your rating: 0
8.9 9 votes
Pichaikkaran (2016) | අම්මා වෙනුවෙන් ඔහු හිගන්නෙක් විය

“ඔයාලට එක දවසක් කියන්නෙ එක දවසක් තමයි.. ඒ වුනත් එයාලට, තුන් වේලක්.. කෑම ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියල විශ්වාසයක් නැති තුන් වේලක්.. ඔයාටයි, මටයි මේ ලෝකෙ ඉන්න අනිත් හැමෝටමයි ඉන්නෙ එකම එක හතුරයි සර්.. දිනෙන් දින එන හතුරා.. බඩගින්න! සමාවෙන්න.. -ඔයා කවුද? මමත් එයාලගෙන් කෙනෙක් තමයි. හිගන්නෙක්! “

ඇත්තම කියනවනම් මේ ලෝකය හරිම පුදුමාකරයි, කෙනෙක් පෝසතෙක් කරවල තවත් කෙනෙක්ව දුප්පතෙක් කරනවා. දුප්පතා කෑම පස්සෙ යනව වගේ පෝසතා සල්ලි පස්සෙ යනව. මන් මේ ෆිල්ම් එකට උපසිරැසි දානකොට පොඩ්ඩක් ඒ වැඩේ පැත්තකට දාල හිතුව ඇයි දෙවියන් මේ වගේ වර්ග දෙකක් මැව්වෙ කියල. එකේක ප්‍රශ්න ඔළුවට ආව, ඒවට උත්තරත් ලැබුන. හැබැයි ගොඩක් ඒවට උත්තර ලැබුනෙ නෑ. ?_ _ _ 🙁 සාමාන්‍යයෙන් අපි හිතල තියෙනවද ගෙයක් දොරක් නැති, ඉන්න හිටින්න තැනැක් නැති, නමක් අනන්‍යතාවයක් නැති කෙනෙක් එයාගේ ජීවිතය කොහොම ගත කරනව ඇත්ද කියල. බැලූ බැල්මට අපි හිතන්නෙ මේ හිගන්නෙක්, අනාතයෙක් අම්ම අප්ප නැති එකෙක් කියල. ඒ වුනත් අපි පොඩ්ඩක්වත් හිතුවද ඒ මිනිස්සුන්ගෙ අතීතය? එයාල කොහොම හිටපු අයද? ඇයි මෙහෙම වුනේ කියලවත්? [මෙච්චර කාලයක් මම එහෙම හිතල නෑ, නමුත් අද ඉදන් හිතනව.] 🙁 දුප්පත්කම තමයි ලෝකයේම තියෙන අප්‍රසන්නම දෙය. මම දැනුවත්ව ගොඩක් සිදු වීම් මගෙ ඇස් දෙකෙන්ම දැකල තියෙනව. ඒ වගේම මමත් මුහුණ දීල තියෙනව. ලැජ්ජ වෙන්න ඕනි නෑ. අපි හැමෝම පොඩි දේකින් හරි දුප්පත්. [සමාවෙන්න ඕනි මේ ලිපිය ලියනකොට දැන් මගේ ලග කවුරුත් නෑ. වෙලාවත් 12.32 පාන්දර. නිස්කලංක නිසා හිතට ආපු දේ කිව්ව.] මට කියන්න තියෙන්නෙ සල්ලි කියන්නෙ ජීවිතය නෙමෙයි යාළුවනෙ.

හරි එහෙනම් මන් පන්ඩිත කතා නොකිය ෆිල්ම් එකේ තොරතුරු ටික්ක් කියන්නම්. 🙂 මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Sasi. ඒ වගේම ෆිල්ම් එකේ කතාවත් ලියල තියෙන්නෙ Sasi ම තමයි. ඒ වගේම ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්‌ෂනය කරල තියෙන්නේ Vijay Antony. එයා තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුව. ඒ වගේම ප්‍රධාන නිළියනම් ඔයාල වැඩිය දන්නෙ නැතුව ඇති මොකද මේක ඇයගෙ පළමු දමිල චිත්‍රපටයයි. ඇගේ නම Satna Titus. කිසිම අසාධාරණයක් නැතුව ලස්සනට රගපාල තියෙනව. ඒ වගේම ඔයාල දන්නවත් ඇති Vijay Antony කියන්නේ සංගීත අද්‍යක්ෂකවරයෙක්.. එයා රගපාපු ෆිල්ම් වලින් “Naan” || “Salim” කියන ෆිල්ම් ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම එයාගෙ රගපෑමත් විශිෂ්ටයි. තව කිව්වොත් ඔයාල අනිවාර්යයෙන් ඒ කිව්වේ දමිල චිත්‍රපට බලන රසිකයන් අනිවාර්යයෙන් නැරඹිය යුතු නෑ පොදුවේ හැමෝම නැරඹිය යුතු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක. ඉන්දියාවේ වැඩි දෙනෙක් අතර ගොඩක් කතා වට ලක්වුණු ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදී. 2016 වසරේ ආපු විශිෂ්ටතම නිර්මාණයක්. හරි එහෙනම් මන් කතාවේ මොකද්ද වෙන්නෙ කියල කෙටියෙන් කියන්නම්.

චිත්‍රපටය ආරම්භ කරන්නේ අරුල් රට ඉදන් එන කොටසකින්. ඉතින් මේ අරුල් සෙල්වකුමාර් කියන්නෙ කෝටිපතිනියක් වන බුවනේෂ්වරීගේ එකම පුතයි. ඉතින් මෙයා යන්නේ එයාගේ කර්මාන්ත ශාලාවේ පැවැත්වෙන උත්සවයකට සහභාගි වෙන්නයි. ඉතින් ඒකට සහභාගි වෙන අපේ අරුල්ට අරුල්ගේ අම්මා කර්මාන්ත ශාලාවේ සියළුම වගකීම් භාර දෙනවා. ඉතින් අරුල් අරුල්ගේ අම්මා එක්ක කර්මාන් ශාලාවෙ ඇවිදන් ඉන්නකොට අම්මගේ අවාසනාවන්ත කමකට අණතුරකට පත් වෙනවා. ඉතින් අම්මව රටේ තියෙන හැම ඉස්පිරිතාලෙකටම අරුල් අරන් යනවා. [පළමුවන සිංදුවෙන් වැටහෙයි.] ඒ වුනත් කිසිම ඵලක් නෑ. අම්මා කෝමා තත්ත්වයෙන් ඉන්න නිසා දිනෙන් දින ඇගේ අන්තිම කාලයට පැමිණිලයි තිබුනෙ. අරුල් අම්මට ගොඩල් ආදරෙයි. ඉතින් ඔය අතරෙ දවසක් අරුල් කල්පනා කර කර ඉන්නකොට සාමි කෙනෙක් කෑ ගහනව ඔතනින් එන්න එන්න කියල. එතනින් ආව ක්ෂණිකයෙන් ගහේ අත්තක් කඩන් වැටෙනවා. ඉතින් සාමි ලගට යන මෙයා අම්මව බේරගන්න මාර්ගයක් සාමිගෙන් අගනවා. ඉතින් සාමි අරුල්ට මාර්ගයක් කියනව. අරුල් ගත කරන සැප පහසු ජීවිතය අත ඇරල තමන් කවුද කියලවත් කියන්නෙ නැතුව, සියළු බලතල පාවිච්චි නොකර දින 48 ක් පුරා හිගන්නෙක් ලෙස ජීවිතය ගත කරන්න කියනවා! ඉතින් අම්මව බේර ගන්න අරුල් මේ අභියෝගය භාරගනීද? අභියෝගය භාරගත්තත් අරුල්ට මොනවගෙ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වේවිද? පොහොසතෙකුව සිටින අරුල්ට මේ හිගන ජීවිතය ගත කරන්න පුලුවන් වේවිද? ඉතින් ඔය ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එක බලලම දැන ගන්න යාළුවනේ.

Pichaikkaran (2016) – Link

Pichaikkaran 2 (2023) – Link

Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම SNAKE RAJ (Baiscopelk)
IMDb 7.6 /10 2,311 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sasi
Director

Cast

Satna Titus isMagizhini
Magizhini
Dheepa Ramanujam isArul's Mother / Bhuvaneshwari
Arul's Mother / Bhuvaneshwari
Mohan Raman isthe Audi car owner
the Audi car owner
Raveena Ravi isMagizhini (Voice)
Magizhini (Voice)

Similar titles

Dhoom Dhaam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League Dark (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madame Web (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible 2 (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indian (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Walking Tall (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Werewolf: The Beast Among Us (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Die in a Gunfight (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Time in China II (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published