EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageAsterix & Obelix: The Middle Kingdom (2023) | “සූර පප්පාගෙයි ජිම් පප්පාගෙයි චීන සවාරිය”
ඉතින් කවුරුත් දන්න “සූරපප්පා” කාටූන් මාලාවෙ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන Asterix and Obelix : The Middle Kingdom (2023) ෆිල්ම් එකට..2012 ට පස්සේ අවුරුදු 11කට පස්සෙ තමා අපිට සූරපප්පා ලයිව් ඇක්ෂන් ෆිල්න් එකක් බලාගන්න ලැබුනේ..විශේෂත්වය වෙන්නෙ මේක ප්‍රංශ ෆිල්ම් එකක් වෙන එක..IMDB අගය 5 ක් එක්ක කුණුතක්කාලි දර්ශකයෙ 40% ක අගයකුත් ලබාගෙන තියෙනවා..අධ්‍යක්ෂණය කරේ Guillaume Canet, කතාව ලිව්වෙ පිලිප් මෙචලන්..රංගනයෙන් Guillaume Canet, Gilles Lellouche, වින්සන්ට් කැසෙල්,ජොනතන් කොහෙන්, මැරියන් කොටිලාර්ඩ් වගේ දක්ෂ නළු නිළියො රැසක් රංගනයෙන් දායක වෙනවා…ඇ.ඩො..44 ක සමස්ථ ආදායමක් අරගන්න මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා.
❈ චිත්‍රපටියේ ප්‍රවර්ධන පෝස්ටර් එක ❈
Asterix & Obelix: The Middle Kingdom (2023) – IMDb
උපසිරැසිය ගෙනාපු මගේ අදහස නම්, මම දැනට බලපු හොඳම සූරපප්පා ලයිව් ඇක්ෂන් ෆිලුම මේක. කොමඩි, Cinemetoraghy, CGI කියලා වැඩක් නෑ..විහිළු ගැන බැලුවාම සීසර්ව ක්ලියෝපැට්රව අදාල චරිත පච කරන්නෙ නැතුව ගුණාත්මකව දීලා තිබුනා..විශේෂයෙන්ම චීනය පෙන්නන විදිහ ඒ පරිසරය මාරම ලස්සනයි..මගේ රෙකමන්ඩ් එකනම් පුළුවන් තරම් කොලිටි විදිහට මේක බලන්න..මාරම ලස්සන ෆිල්ම් එකක්..ඉතින් වැඩි කතා ඕන්නෑනෙ බලන්න කලින් කතාවෙ පොඩ්ඩක් කියන්නම්..
සාරංෂයක්…
දවසක් පප්පා ගමට එනවා කරත්තයක් එන්නෙ චීන කුමාරියක්වයි එයාගෙ ආරක්ෂිකාවයි, තව වෙළෙන්දෙක්වයි අරගෙන..ඒ කාලෙ චීනය රාජධානි වලට බෙදිලා තිබුනෙ..ඒකෙ බලවත්ම රාජ්‍ය පාලනය කරේ අධිරාජිනියක්..එයාගෙ දුව තමා එන්නෙ..එයාලා එන්නෙ උදව් ඉල්ලගෙන චීනය ද්‍රෝහියෙක් ආක්‍රමණය කරලා රැජිනව අත්අඩංගුවට අරගෙන..ඒ ද්‍රෝහියා සීසර්ගෙ උදව් ඇතුව මුළු චීනයම අල්ලගන්න හදන්නෙ..ඉතින් සුපුරුදු විදිහට අපේ ජිම්පප්පයි සූරපප්පයි (ඇස්ට්‍රික්ස් සහ ඔබෙලික්ස්) යනවා උදව් කරන්න..මතක ඇතුව වෙදපප්පා බලය වැඩි කරලා දීපු අරිෂ්ට බෝතලේකුත් අරගෙනයි යන්නෙ..ඉතින් එයාලගෙ කණ්ඩායමට චීනය බේරගන්න පුළුවන් වේවිද අපි බලමු කතාවෙන්ම…











