EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHome Alone 4 (2002) | පැහැර ගැනීමේ කුමන්ත්‍රණය.
2002 නොවැම්බර් 3 වෙනිදා ABC නාලිකාවෙ විකාශය වූ මෙම චිත්‍රපටය මිනිත්තු 89ක ධාවන කාලයකින් යුක්තයි. මෙහි බෙදාහැරීමේ කටයුතු සඳහා උරදීලා තියෙන්නෙ ලොව සුප්‍රකට 20th Century fox සහ Disney සමාගම්. හැබැයි මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ ලැබිලා තියෙන්නෙ 2.3 වගේ අඩු අගයක්. මේ චිත්‍රපට මාලාව කිසිම කම්මැලිකමක් නැතිව ආයෙආයෙත් නරඹන්න පුළුවන්. පළමු චිත්‍රපටි ද්විත්වයේ හිටපු චරිතම තමයි නැවතත් මේ චිත්‍රපටයෙත් ඉන්නෙ. ඒත් ඒවා රඟපාන නළුනිළියන් පිරිස සම්පූර්ණයෙන්ම වෙනස්.
මේ කතාවට අනුව කෙවින්ගෙ තාත්තා එයාගෙ අම්මගෙන් වෙන්වෙලා, නැටලි කියලා කාන්තාවක් එක්ක වෙනම ජීවත් වෙනවා. කෙවින්ට ආරාධනාවක් ලැබෙනවා නත්තල නැටලිගෙ ගෙදර ගත කරන්න. මේ නිවසේ නත්තල ගත කරන්න රාජකීය පවුලක් එන්න නියමිතයි. ඒ පවුලෙ ඉන්න කුමාරයාව පැහැර ගන්න මර්ව් ඇතුළු හොරු කණ්ඩායමක් සූදානම් වෙනවා. මේකට ගෙදර වැඩ කරන කෙනෙකුත් සහය දෙනවා. කොහොමහරි කෙවින් හින්දා මේ අය මුහුණ දෙන ඇබැද්දි වලින් තමයි මේ කතාව පිරිලා තියෙන්නෙ







