EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Burra katha (2019) | දෙබිඩි සොයුරෝ එක් කළ පැයේ ප්‍රේමවන්තිය

2019 තිරගත වුණු drama/sci-fi කාණ්ඩයේ ෆිලුමක්. හැබැයි කොමඩි,රොමෑන්ස්,ඇක්ෂන් වලත් අඩුවක් නෑ. “අභිරාම් “කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ Aadi Saikumar. Mishti Chakraborty, Naira Shah, Rajendra Prasad ඇතුළු තෙලිඟු චිත්‍රපටවල ඔබ නිතර දකින බොහෝ පිරිසක් මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව. මෙය Diamond Rathna Babu ගේ අධ්‍යක්ෂණයක්. H.K,Srikanth Deepala හා Kishore නිෂ්පාදනයෙන් දායකවෙලා තියෙනවා. පැය 2කට ආසන්න කාලයක් දිවෙන මේ කතාව ගැන පොඩි විස්තර ටිකක් කියන්නම්කො.

“දෙබිඩි සොයුරෝ එක් කළ පැයේ ප්‍රේමවන්තිය”. මේක කියවනකොටම ඔයාලට තේරිලා ඇති සොයුරන් දෙන්නෙක් ගැන කතාවක් කියල. ඒත් විශේෂත්වය තමයි මේ දෙන්න දෙදෙනෙක් වෙලා තියෙන්නෙ එක් සිරුරක් තුළවීම. උපතින්ම “අභිරාම්ට” මොළවල් 2ක් පිහිටල තියෙනව. ඒක නිසා අභිරාම් කරන කියන දේවල් නිතර වෙනස් වෙනවා. අම්මටයි තාත්තටයි මේක ලොකු හිසරදයක් වෙන නිසා ඔහුත් එක්ක වෛද්‍යවරයෙක් හමුවෙන්න යනව. එතනදි තමයි අම්මයි තාත්තයිත් මොළ 2කේ කතාව දැනගන්නෙ. එතනින් පස්සෙ චරිත මාරුවත් එක්ක කතාව කවුරුත් නොසිත විදිහට ගලාගෙන යනවා. සිංහල උපසිරැසියත් එක්ක ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල බලන්නකො එහෙනම්.

Comments