EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Raju Gadu (2018) | මෙහෙමත් හොරෙක්

Comedy/Romance කාණ්ඩයට අයත් එකක්. IMDB හි 6.6 වැනි ඉහළ අගයක් ලබාගන්නටත් සමත්වෙලා තියෙනවා. ඒ වගේම ගූගල් පරීශීලකයින් 85% ප්‍රතිශතයකුත් ලබාදීල තියෙනව.

Raj Tarun හා Amayra Dastur ප්‍රධාන චරිතයන්ට රංගනයෙන් දායකවෙද්දි Rao Ramesh, Sithara, Subbaraju, Rajendra Prasad ඇතුළු තෙලිඟු චිත්‍රපටවල ඔබ නිතර දකින බොහෝ පිරිසක් මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව. Sanjana Reddy ගේ අධ්‍යක්ෂණයක්. Sunkara Ramabrahmam නිෂ්පාදනයක්. මේකෙ කොමඩි ටිකත් එක්ක ඔයාලට අමතක නොවෙන ෆිලුමක් වෙයි කියල හිතනව. උපසිරසියත් එක්ක හැමෝටම රසවිදින්න ආරාධනා කරනව. කතාව ගැන චුට්ටක් කියන්නම්කො.

කතාව පටන් ගන්නෙ රාමාපුරම් කියන ගමෙන්, ගෙදරක සේවකයෙක් සොරකමකට හසුවෙලා අවුරුදු 25 කට ගමෙන් යවනව. ඒ නිවසෙ හිමිකරු සූර්‍ය නාරායන තමයි ගමේ ප්‍රධානිය. ඒ දවසෙම තමයි මේ කතාවෙ ප්‍රධානිය රාජු උපදින්නෙ. මෙයාට අමුතු විදිහෙ ලෙඩක් තියෙනව ක්ලෙප්ටොමේනියා කියල. ඒ ලෙඩේ නිසා මෙයා නොදැනුවත්වම අනුන්ගෙ දේවල් උස්සනව. අම්මයි තාත්තයි මේක නිසා ලොකු කරදර වල වැටෙනවා. කොටින්ම කිව්වොත් මිනිහ යාලු වෙච්ච කෙල්ලගෙ දේවල් පවා හොරෙන් ගෙදර ගෙනියනවා. මේ ලෙඩේට බේතක් හොයාගන්න හදන ඩොක්ටර් කාරය මරු ආතල් දෙන්නෙ. ඊට දෙවෙනි නෑ රාජුගෙ තාත්තගෙ චරිතෙ කරන Rajendra Prasad. හැමෝටම ඇති වෙන්න හිනාවෙන්න පුලුවන්. කොහොමහරි මේ අතරෙ රාජු තන්වි කියල කෙල්ලෙක් එක්ක සෙට් වෙනවා. ඉතින් මේ ලෙඩේ ගැන එයා දැනගනියිද? ඊට පස්සෙ මොනව වෙයිද? රාජුට බේතක් ඩොකටර් කාරය හොයා ගනීද? කියල

Comments