CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3353 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Ye Mantram Vesave (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ye Mantram Vesave (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 09, 2018India122 Min.
Your rating: 0
7.8 6 votes
Ye Mantram Vesave (2018) | ජීවිතයට ලොග් වෙන්න…

තාක්ෂණය.. මිනිස්සුන්ගේ ජීවිතය සෑහෙන්න වෙනස් කරන මාතෘකාවක්..
තාක්ෂණය.. පරම්පරාවක් කණපිට පෙරලපු වචනයක්…
ඉස්සර ගමේ පිට්ටෙනියේ ගහපු ක්‍රිකට්, ෆුට්බෝල්…
අද තිරයක් උඩ ඇඟිල්ලෙන් ගහනවා…

ඉස්සර ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ ඉදන් ඇදපු දාම්..
ගැරජ් එකට හවසට කොල්ලෝ ටික සෙට් වෙලා ගහපු කැරම…
අද ඔන්ලයින් ලොග් වෙලා තිරයක් උඩ ඇඟිල්ලෙන් සෙල්ලම් කරනවා…
එදා රණවිරුවෝ තුවක්කු බෝම්බ වලින් කරපු යුද්ධ…
අද ඔන්ලයින් ලොග් වෙලා මවුස්/කීබෝඩ් වලින් කරනවා…
නමුත් ඔබේ ඉන්ටනෙට් බිල ගෙවන්න, කරන්ට් බිල ගෙවන්න,
රුපියලක් ගෙදරට අරන් එන්න තියෙන කට්ට ගැන ඔබ දැනුවත්ද?

රත්තරං අක්කේ,නංගියේ ඔබට විශේෂයි..
අදකාලේ ඔබවැනි කෙනෙක් තර්ජනය කරන්න තුවක්කු,මැරයෝ ඕන වෙන්නේ නෑ..
“විස්වාසය” විතරක් හොඳටම ඇති…
විස්වාසය කියන්නේ මාරන්තික ආයුධයක්…
ඔන්ලයින් හමුවන අහඹු මිතුරා සමග ඔබ තබන විස්වාසය…
ඔහු ව්‍යාපාරයක් කරගන්නට පුළුවන්…
ගෙදර ඉන්න නෑදෑයින්ටත් වඩා..
එකට කනබොන යාළුවාටත් වඩා..
අන්තර්ජාලයෙන් හමුවන අහඹු මිනිසුන් විස්වාස කරනවාද ඔබත්?

ගෙදර ඉන්න මිනිස්සු එක්ක බෙදාගන්නේ නැති හැඟීම්..
සමාජ ජාල වල ශෙයා කරන ජාතියේ කෙනෙක්ද ඔබත්?
නිකමට හිතලා බලන්න..

ගෙදර මිනිස්සු එක්ක එකට චිත්‍රපටියක් බලන්න යන හැඟීම..
අම්මගේ, තාත්තගේ, දුවගේ, පුතාගේ, අයියගේ, අක්කගේ, සැමියගේ, බිරිඳගේ අතින් අල්ලගෙන..
ගෙදරින් එළියේ රවුමක් ඇවිදින්න යන්න තියේ නම්.. කෑම වේලක් කන්න යන්න හැකිනම්..
ඒ හැඟීම ඔය මවුස්, කීබෝඩ්, ස්මාට් ෆෝන් ඔබලා ගන්න පුලුවන්ද?
NFS, COD ගහලා ගන්න පුලුවන්ද?

ජීවිතේ කියන්නේ ගේම් එකක් නෙවෙයි.. සමාජ ජාලයක එකවුන්ට් එකක් නෙවෙයි.
සැබෑ ජීවිතය කියන්න වෙනම එකක්. ඔබත් ඒකෙන් ලොගවුට් වෙලා නම් ඉන්නේ…
ඉක්මණටම ලොග්-ඉන් වෙන්න….

ජීවිතේට ආදර්ශයක් අරන් එන මේ චිත්‍රපටය තිරගත වෙන්නේ මේ අවුරුද්දේ මාර්තු 9 වෙනිදා.Vijay Deverakonda සමගින් නවක නිලියක්වන Shivani විසින් රංගන දායකත්වය සපයන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Shridhar Marri විසින්. 2013 වැඩකටයුතු අවසන් කලද, වසර පහකට පස්සේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. විචාරක ප්‍රසාදය එතරම් ලොකුවට ලැබුනේ නැතත්, හොඳ පාඩමක් ඉගනගන්න පුළුවන් චිත්‍රපටියක් කියන්න පුලුවන්. වීඩ්යෝ ගේම් වලට ඇබ්බැහි වෙච්ච හාදයෙක් ගැන තමයි මේකේ කතාව දිවෙන්නේ. මාස ගානකින් කාමරෙන් එලියට බැහැල නැති. කම්පියුටරේම එල්ලිලා ඉන්න නිකී හට සැබෑ ජිවිතේදීත් ගේමකට ලොග් වෙන්න සිද්ද වෙනවා. ඉතින් මේ සෙල්ලම පොරට සැබෑ ජිවිතේ කියන්න මොකද්ද කියල උගන්වනවා.

Ye Mantram Vesave (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර (Baiscopelk)
IMDb 3.8 /10 264 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Director

Cast

Similar titles

Nesippaya (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonu Ke Titu Ki Sweety (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games: Mockingjay – Part 1 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+
Another Simple Favor (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Secret Window (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Expendables (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mirapakai (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Johnny English Reborn (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Better Watch Out (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published