EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:George Tillman, Jr., Maurice Sessoms, Soren Miltich
Cast
Go Full Cast PageBig George Foreman (2023) | බිග් ජෝජ්!
ද ඔයාලට අරගෙන ආවෙ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උනු හිටපු ලෝකශූරෙක් උනු ජෝර්ජ් ෆෝමන් ගෙ කතාව ඇසුරින් නිර්මාණය උන සුපිරි ෆිල්ම් එකක් වෙන BIG GEORGE FOREMAN(2023) නොහොත් Big George Foreman: The Miraculous Story of the Once and Future Heavyweight Champion of the World සිනමාපටය.
IMDb වල 6.5 හොද අගයකුත් අරගෙන තියෙන මේ ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් දුප්පත්ම පවුල් පසුබිමකින් ඉපදුන, හැම වෙලේම පාලනය කරගන්න බැරි කේන්තියකින් ඉන්න, ජෝර්ජ් තමන්ගෙ ජීවිතය වෙනස් කරගන්න බැදෙන පුහුනු මධ්‍යස්ථානෙකදි හම්බෙන ගුරුවරයෙක් (ඩොක්) නිසා අනාගතයම වෙනම පාරකට හැරෙවෙනවා. තමන්ගෙ කේන්තිය හැකියාවක් විදියට පරිවර්තනය කරන විදිය ඉගෙන ගත්ත ජෝර්ජ් ලෝක බරපන්ති ශූරතාවයෙන් ඔලිම්පික් රන් පදක්කමක් අරගන්න පුලුවන් වෙනව. ලෝක ශූරයෙක් වෙච්ච මොහොම්ඩ් අලී එක්ක සටනකින් පස්සෙ තමන්ගෙ ඉරනම වෙනස් කරගෙන පූජකයෙක් විදියට වෙනස් වෙන ජෝර්ජ් අවුරුදු 45 දී ආයෙත් ලෝක බරපන්ති ශූරයා වෙන එක ගැන තමයි මේ කතාව පුරාම විවිධ සිදුවීම් එක්ක ගලාගෙන යන්නෙ.
රගපාන චරිත ගැන කතා කලොත් ජෝර්ජ්ගෙ චරිතෙට රංගනෙයෙන් දායක වෙන්නෙ Khris Davis, චරිතයට උපරිම සාදාරණයක් කලා කියන්න පුලුවන් ෆිල්ම් එක බලද්දි, ඒවගේම ජෝර්ජ්ගෙ පුහුණු කරු විදියට ඉන්න Forest Whitaker (Doc) වගේම ජෝර්ජ්ගෙ අම්ම විදියට Sonja Sohn, ජෝර්ගෙ පලවෙනි බිරිද විදියට Shein Mompremier, දෙවෙනි බිරිද විදියට Jasmine Mathews රංගනයෙන් දායක වෙන ප්‍රදාන නළු කිහිප දෙනා වෙනව.








