EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageTheera Kaadhal (2023) | නොනිමි ප්‍රේමය
මේක මහ නරක ලෝකයක් නේද, ගෞතම්?
එකතුවෙලා ජීවත් වෙන්න ඕනෙ අයව වෙන් කරවනවා.
වෙන් වෙලා ජීවත් වෙන්න ඕනෙ අයව එකතු කරවනවා.
ඔයාලට ඔයාලගෙ පළමු පෙම්වතාව, පෙම්වතියව බොහෝ වසර ගණනකට පස්සේ හම්බවෙලා ආශ්‍රේ කරන්න ලැබුනොත් මොකද කරන්නේ? එහෙම වෙලා ආයෙම ඇය හෝ ඔහු ගැන යම් සිතක් පහළ වුනොත් මොකද කරන්නේ?
ආරන්‍යා සහ ගෞතම් කියන්නේ කොලේජ් කාලේ ආදරේ කරලා පසුව ගෙවල් වල අකමැත්ත නිසා වෙන් වුනු දෙන්නෙක්. පසුව මේ දෙන්නම වෙන වෙන විවාහයන් කරගන්නවා. පස්සෙ අවුරුදු 8කට පස්සෙ ගෞතම් සහ ආර්න්‍යා ආයෙම දුම්‍රියපලකදි මුණ ගැහෙනවා. දෙන්නම එකම කෝච්චියේ මැන්ගලූර් බලා පිටත් වෙනවා වගේම මේ දෙන්නා සති 2ක් එකට ආශ්‍රේ කරනවා.
කොච්චර කොහොම උනත් ගෞතම් කියන්නේ ඔහුගේ මුල් ප්‍රේමය තවමත් යටි හිතේ තියෙන කෙනෙක්. ආයෙම ආරන්‍යාගෙ ඇසුරත් එක්ක, ඔහුට යම් නිමේශයකට ඔහුගේ බිරිඳ සහ දුවද අමතක වෙනවා. ආරන්‍යාට උනත් එහෙමයි.
නමුත් මෙහිදී මොවුන්ගේ වත්මන් දිවියෙන් අභියෝග එල්ලවෙන්න ගන්නවා. ඒ හමුවේ මේ පරණ පෙම්වතුන් දෙන්නාට
කුමක් වෙයිද… ?
“හැම වෙලේම ආදරයක්, බිදිලා යද්දි,..
ඒ ආදරවන්තයින් තමයි වෙන් වෙන්නේ.
ආදරය එහෙමමම තමයි තියෙන්නේ.
කොච්චර වයසක් ගියත්,
අපේ යටි හිතේ කොහේම හරි මුල්ලක,
ඒ ආදරේ රැදිලම තමයි තියෙන්නේ.
ඒ සිතුවිල්ල එක්ක ඉන්නවා වෙනුවට,
ඒක පසුකරලා එන්න ඕනෙ කියලා හිතුවොත්,
ආයෙ එක කෙනෙක්ටවත් සැනසීමෙන් ඉන්න ලැබෙන්නෙ නැහැ. “
ගෞතම්ගේ මුල් ප්‍රේමය යළිත් මුණ ගැසීමත් එක්ක කථාව කොහොම ගලන් යයිද කියලා දැනගන්න ආස නම්, එහෙනම් මේ “Theera Kaadhal” නොහොත් “නොනිමි ප්‍රේමය” බලන්න කියලා ආරාධනා කරනවා.











