EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Are You There God? It's Me, Margaret. (2023) | සිංහල උපසිරැසි සමඟ

Are You There God It’s Me Margaret (2023) Sinhala Subtitle

මම අද අරගෙන ආවේ, ඇමරිකාවේ ජනප්‍රිය නවකතාවක් ඇසු‍රෙන් නිර්මාණය වුණු චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මුලින්ම කියන්න ඕනේ, මේ චිත්‍රපටියේ එක අරමුණක් තමයි කාන්තා ලිංගික අධ්‍යාපනය. ඒ කියන්නේ කුණුහරුප නෙමෙයි. වැඩිවියට පා තබන ගැහැණු දරුවන්ගේ ශරීර‍යේ සිදුවෙන වෙනස් කම්, එයාලාට දැනෙන විදිය මේ චිත්‍රපටියෙන් කතා ‍කෙරෙනවා. අපේ රටේ ති‍‍යෙන සංස්කෘතිය හෝ වෙන සමාජ කතිකාවත් නිසා, මේවා ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්නේ නෑ. හැබැයි, ඒක කතා කළ යුතු මාතෘකාවක් කියන එකයි ම‍ගේ මතය. මේ චිත්‍රපටිය, ඒ ගැන ඉතා සංය‍මයෙන් කතා ‍කරනවා.

අනිත් එක තමයි ආගම. දරු‍වෙක්ට තමන්‍‍ගේ ආගම තෝරගන්න නිදහස ගැනත් ‍මේ චිත්‍රපටියේ කතා කෙ‍රෙනවා. ඒවාත් අපේ සමහර අයට ඇලජික් නිසා, දැනගෙන බලන්න.

මේ චිත්‍රපටිය නිර්මාණය ‍වෙන්නේ 1970 දී Judy Blume රචනා කරන ලද Are You There God? It’s Me, Margaret. නම් නවකතාව පදනම් කරගෙන. මේ පොතත් ඉතා විශේෂ එකක්. මේ පොත 1970 ඉඳලා අද දක්වා එක දිගට මුද්‍රණය වෙන එකක්. අදටත් එහි ජනප්‍රියත්වය නොනැසී පවතිනවා. ඒ නිසා, ඒ නමින්ම චිත්‍රපටියත් නම් කරන්න, හැමෝම තීරනය කරලා ති‍යෙනවා.

චිත්‍රපටියේ තිර පිටපත ඉහත කියපු පොත ඇසුරෙන් නිර්මාණය කරලා, අධ්‍යක්ෂණය කලේ Kelly Fremon Craig. ලොව පුරා බෙදාහැරීම භාර අරගෙන තියෙන්නේ Lionsgate සමාගම. රඟපෑමෙන් දායක ‍වෙනවා Abby Ryder Fortson (මාග්‍රට්), Rachel McAdams (බාබරා), Elle Graham (නැන්සි), Kathy Bates (සිල්වියා) ඇතුළු පිරිසක්. මේකෙදී වි‍ශේෂ ගෞරවයක් දෙන්න ඕනේ ළමා නිළියන්ට. ඔවුන්ගේ දක්‍ෂ රඟපෑම නිසා, චිත්‍රපටිය වර්ණවත් වෙලා තියෙනවා.

Web ratings ගැනත් වචනයක් කියන්න ඕනේ. මේ ලිපිය ලියන මො‍හොත වෙනකොට, IMDb 7.5, Rotten Tomatoes 99%, Google Users 86% තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

කතාව ගැනත් ‍කෙටියෙන්ම ‍කියන්නම්. මාග්‍රට් කියන්නේ යුදෙව් ආගමික පියෙකුට සහ ක්‍රිස්තියානි ආගමික මවකට දාව උපන් දියණියක්. ඇය‍ගේ ආගම තෝරගන්න, ඇයටම ඉඩ දෙන්න දෙමාපියන් තීරණය කරනවා. ඒ අතරේම, මාග්‍රට් කියන්නෙ නව යොවුන් වියට පා තබන ගැහැණු දරුවෙක්. ඇයගේ සිරු‍රේ ඇතිවෙන සහ ඇතිවෙන්න යන වෙනස් කම් වලට මුහුණ දෙන්න ඇය සූදානම් වෙනවා. මේ කතා‍වේ තියෙන්නේ, ඇය‍ ආගම තෝරගන්‍නේ කොහොමද? ඇයගේ වෙනස්කම් වලට මුහුණ දෙන්නෙ කොහොමද? වගේ දේවල්. චිත්‍රපටිය බලලාම ඉන්නකෝ.

Comments

September 20, 2023

wada karanane

    Cinesubz September 20, 2023

    Online Play Links Update kala dan podk balala kiyanna