EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Knights of the Zodiac (2023) | ඇතීනාගේ පුනරුප්පත්තිය

(Knights of the Zodiac (2023) Sinhala Subtitles) (Knights of the Zodiac (2023) Sinhala Sub)

Knights of the zodiac නම ඇහුනම මන්ගා , ඇනිමේ බලන කෙනෙක්නම් මේ නම ඇහිලවත් තියෙන්න ඕන. මොකද Saint Seiya: Knights of the Zodiac කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ මන්ගා එකක්. Masami Kurumada ලියපු මේ මන්ගා එක 1986 ජනවාරි 1 ඉදලා 1990 නොවැම්බර් 19 වෙනකන් Shueisha ගේ shōnen manga සඟරාවේ සතිපතා පළවුනා. මේක කොටස් 28 කින් යුක්තයි. 1986 Animation කතාමාලාවක් විදිහට Knights of the zodiac කොටස් 114 කින් නිර්මානය වෙනවා. 2019 ජුලි 19 වෙනිදා Knights of the Zodiac: Saint Seiya කියන Anime series එක season 2 කින් විකාශනය වෙනවා. Episode 24 කට.

Knight of the zodiac චිත්‍රපට නිකුත් වෙන්නෙ 2023 අප්‍රේල් 28 ජපානෙදි. Mackenyu , Madison Iseman , Diego Tinoco මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා. දැනට ImDb 4.4 කුත් Rotten tomatoes 23 කුත් ලබාගෙන තියනවා. $ මිලියන 6.8 ක ප්‍රමානයක් හොයාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. Action/Adventure කාණ්ඩෙට අයත්වෙන මේ Film එක පැය 1 විනාඩි 52 ක කාලයක් දිවෙනවා.
යුද්ධයේ හා ප්‍රඥාවේ දේවතාවිය වෙන ඇතීනා දෙවගන මනුශ්‍යත්වය ආරක්ශා කරන්න මනුශ්‍ය ස්වරූපයෙන් පෘථිවියෙ ඉපදෙනවා. ඇයව ආරක්ශා කරන නයිට්වරයා වීදි සටන්කරුවෙක් විදිහට ජීවත් වෙනවා. ඒත් මේ සටන්කරුවා දන්නෙ නෑ තමන් ඇතීනා දෙවගනගෙ ආරක්ශක නයිට්වරයා කියලා. මේ සත්‍යයට ඔහු මුහුණ දෙන විදිහ වගේම අතීතයේ උන සිදුවීමක් එක්ක ඔහු සටන් කරන විදිහ මේ චිත්‍රපටයෙන් ඔයාලට බලන්න පුලුවන්.

Comments

July 2, 2023

My Fault 2023 film eka dennko

July 2, 2023

film eka download karanna denne na ban

    Cinesubz July 2, 2023

    Aye try karanna awula fix kala

July 5, 2023

My Fault 2023 film eka dennko

July 6, 2023

❤️👌👍